Skip to main content

නලගන ඇල්ල - බුලත්කොහුපිටිය, කෑගල්ල

මේ ගමන යන්න මාත් එක්ක සෙට් වුනේ දහම් අයියා, දිලා අයියා, ගයාශාන්, ඔෂාන් සහ තිසලි ඇත්තටම අප්රසිද්ධ නලගන ඇල්ල බලන්න යන්න ප්ලෑන් කරේ මාස 10කට 11කට කලින් 🙄😏ගමන යන්න දවසක් වෙන් කරවා ගන්න මාරම කට්ටක් කෑවා🤨😒 මේ ගමන අනිවා යන්න ඕනෑ කිව්වේ දිලා අයියා. පොරටත් එකදිගටම වැඩ කරලාම එපා වෙලා හිටපු වෙලාවක හවස කැන්ටිමේදී තමයි අපි මාර්තු මාසේ 23 සෙනසුරාදා යමු බන් කියලා කිව්වේ😀💪 යන දවසනම් හරි. යන්න කැමති කිව්ව කට්ටිය තමයි දිලා, දහම් අයියා, සංජීව අයියා සහ මම. “අහ් අපේ මල්ලිත් එනවා කිව්වා බන්” ඒ දිලා😀✌. අහ් හරි බයික් 3ක් තියෙනවානේ අපි ටික විතරක් යමු එහෙනම්. කොහොමහරි දවස් දෙක තුනක් ගෙවුනා😀

බ්හස්පතින්දා ඒ කියන්නේ මාර්තු 21 හවස ප්රසාද් අයියා ඉන්න තැනට සෙට් වුන මමයි දිලයි නිකමට වගේ කිව්වා😀 අපි 23 සුපිරි ට්රිප් එකක් යන්න ඉන්නේ එනවාද අපි එක්ක යන්න, අනික අපි බයික් වල යන්න ඉන්නේ, නාන්න පුළුවන් යන තැනින්, දිය ඇළි 3ක් බලන්න යන්නේ, මොකද කියන්නේ යමුද ප්රසා අයියා...😁😀✌ කොහොම හරි බයිට් වෙමින් ඉන්න කොට මෙන්න ආවා ඔෂා...🤣 “ඔෂා මුන් 23 ට්රිප් එකක් යනවා උබත් යනවද...🤨” ඒ ප්රසා අයියා. “කොහෙද බන් උබලා යන්නේ...” ගමන් විස්තරය අහ ගෙන හිටපු ඔෂා “හරි මම එන්නම්, යමන්😮🤨” හෑ මෙන්න මූ යන්න කැමති වුනා. ඇත්තම කියන්න ඕනේ මමයි දිලයි මුලින්ම නම් ඔෂා කියපු දේ විශ්වාස කරේ නම් නෑ🤣 මොකද කින්ඩියට වගේ හිනා වෙලානේ මූ ගමන යන්න එනවා කියුවේ...😅✌22 ඒ කියන්නේ සිකුරාදා කොහොම හරි ඔෂා මාත් එක්කම නුවර යන්න කැමතිවුනා😁😀💪 මටත් ඉතින් බයික් එකක් කිව්වොත් ආයේ වෙන මොකුත් ඕනේ නෑනේ🤣🔫 අම්මේ පල්සර් 135 එකක නුවර යන්න😌ඒකත් අවිස්සාවේල්ල, ගලිගමුව හරහා නුවර දුර කිලෝමීටර් 134ක් විතර🤨 පස්ස, කොන්ද නෑ ගිහින් බහිද්දි, අම්මෝ සැප😒🤣🔫

ෂාව එක්කරගෙන යන වෙලේ ප්රාසා අයියා, සදුන් අයියා, අසංක අයියා ගත්ත ආතල් නම් අම්මෝ🤭 ගමන නවත්තන්න ගහපු ප්ලෑන් A සහ ප්ලෑන් B තාම මතකයි😜🤣😂 කොහොම හරි ඒ උගුල් වලින් බේරිලා 7.30ට විතර ඔෆිස් එකෙන් පිටත් වුනා... අතරමගදී බුලත්විටක් එහෙම අපි දෙන්නා අරගෙන ගියේ නිදිමත වුනොත් කන්නම් කියලා...🤔🤣

රෑ 12 වගේ වෙන කොට ගෙදර යන්න පුළුවන් වුනා🤣 කෝකටත් කියලා තිසලිට කෝල් එකක් ගත්තේ මම, "මේ ඕයි උබ එනවද හෙට නලගන ඇල්ල බලන්න යන්න. බයික් එකේ ඉඩ තියෙනවා, උබ කැමතිනම් වරෙන් තව කෙල්ලෙක් එකතු කරගෙන🤨🤔", “අහ් හරි බන් මම යාලුවෙක්ට කියලා බලන්නම්කො😀” ඒ තිසලි. මම කෝකටත් කියලා Map Route එක WhatsApp කලේ මුලු ගමනට කි.මී 153ක් විතර තියෙන නිසා🤔😀✌ වෙනදා වගේ උදෙන්ම ආවේ අපේ දහම් අයියා🤭 කඩුගන්නාව ස්ටේෂමෙන් බහින්න කිව්වේ අපි කොහොමත් කෑගල්ල හරහා යන නිසා. කොහොම හරි 8 වගේ වෙනකොට දහම් අයියා කඩුගන්නාවට ඇවිත් හිටියා😁😂🤭 7.30ට විතර තිසලියගෙන් කෝල් එකක් ආවා, "මේ මචන් මාත් යන්න එන්නද බන්🤗, අඩේ යාලුවෝ නම් නෑ ඕයි😌, මම ආවට අනික් උන් අවුලක් නැතිවෙයිනේ🤗 උබට අවුලක් නැතිවෙයි නේ🤨" වගේ කතා ගොඩක් කියගෙනම ගියා🤣😂 "අහ් හරි හරි බන් වරෙන් එහෙනම්, 7.30 වගේ වෙනකොට මම ගෙදරින් එන්නම් උබව ගන්න, ගන්නෝරුව හන්දියට ඇවිත් ඉදපන් එහෙනම්" ඒ මම. කොහොමහරි මම තිසලිව ගන්න ගන්නෝරුව හන්දියට යනකොට 8.20ට විතර ඇති😂😂😂 මම මේකිවත් අරගෙන ඉක්මනටම කඩුගන්නාවට ගියේ දහමගෙන් වගේම තිසලිගෙනුත් බැනුම් අහන්න වෙන නිසා😂✌( කඩුගන්නාවට යන අතරමග දී බනිනවා ඉවරයක් නෑ😂😂🤣) 9 වගේ වෙනකොට දහම් අයියයි මමයි තිසලියි 3දෙනා කඩුගන්නාවේදී සෙට් වුනා. (දෙන්නෙක් සෙට් වෙලා බනිනවා😜😂) ගෙදරින් 6ට එනවා කියපු දිලා තාම නෑ. 9.40 වගේ වෙන කොට ඔන්න ඒ ඩබලත් ආවා😂 දහම් අයියා, තිසලි ඔන්න ආයෙත් දිලාටයි, ගයාශාන්ටයි බනිනවා😜😂 ඔෂා තවම නෑ😂😂😂 10.20ට විතර ඔෂා කඩුගන්නාවට ආවා😂 වැඩි වෙලා ඉන්නේ නැතිව අපි ඉක්මනට ම කෑගල්ලට යන්න පිටත් වුනේ පැය 2ක් වගේ පරක්කු වෙලා තිබ්බ නිසායි😌 (ඔෂා යන ගමන් බැනුම් ඇහුවේ😂🤣)

වල් 12.30 වගේ වෙනකොට නලගන ඇල්ල යන පාර කිට්ටුවට යන්න පුළුවන් වුනා🤭😁. උදුගොඩ ඉදන් දෙදුගල පැත්තට යන පාරේ යනකොට තමයි නලගන ඇල්ල හමු වෙන්නේ🤔🤨 ඒ යන අතරමගදී නම් ඇත්තටම හිතුනා මේ වගේ පැත්තක ජීවත් වෙන්න එන්න ඕනෑ කියලා😍 මොකද ඒ තරමටම ඒ පාරනම් පට්ට ලස්සනයි. හරිම නිදහස්, තේ වතු වාගේ ම ලස්සන කඳු පන්ති ටිකකින් වට වෙලා තිබුණ පාරක්😍❤ සමහර තැන් වල විතරක් තාර ගැලවිලා පොඩි වලවල් ටිකක් තිබුණා😁🤣, සමස්තයක් විදිහට පාර 80% විතර හොදයි.
කොහොමහරි වෙනදා වගේම මේ සැරෙත් නලගන ඇල්ල පැත්තට හැරෙන තැන පහු කරගෙන අපි කට්ටිය බුලත්කොහුපිටිය පැත්තට ගියා🤣😂 එතන කඩේක හිටපු මාමා කෙනෙක්ගෙන් ඇල්ල පැත්තට යන පාර අහගෙන අපි ආයෙත් දේදුගල පැත්තට ගියා😁✌ හරි ඉතින් නලගන ඇල්ල කිට්ටුවට යන පාර නම් මරු😌 ගල් ගැලවුන තේවත්තකට යන පාරක්. කොහොම හරි අපි කට්ටිය බයික් 3නම ඒ පාරට දැම්මා😒 පොඩි දුරක් ගිහින් අපි බයික් ටික නවත්වලා යනකොට එතන වත්තේ වැඩ කරන කෙනෙක් කිව්වේ "අපෝ තව යන්න තියෙනවා, බයික් එකේම යන්න නැත්නම් ඔයාලට එපාවෙයි ආයේ උඩට එනකොට🤨" කොහොමත් තව ටික දුරයි නේ යන්න තියෙන්නේ කියලා ඔෂා, මම සහ ගයාශාන් බයික් 3න ගන්න ආයෙත් පාර දිගේ උඩට ගියා. කිව්වා වගේ ලොකු අවුලක් නෑ🤨 වැස්සොත් නම් උඩට එන්න ටිකක් අමාරුයි🤨🤔 මම මුලදී ටිකක් පහලට බයික් එක ගන්න අදිමදි කලත් ආයේ තීරණය වෙනස් කලේ පාලු පාරක බයික් එක දාලා යනවට වඩා හොදයි කට්ටිය ඉන්න තැනට කිට්ටු වෙන් නවත්තන එක🤔😀

යික් නවත්තපු අපි කට්ටිය නලගන ඇල්ල තියෙන පැත්තට යනවා කියලා ගියේ ඇල්ලේ පහල කොටසට🤣 එතන ටිකක් වෙලා හිටපු අපි කට්ටිය ආයෙත් නලගන ඇල්ලේ උඩ කොටස පැත්තට යන්න පිටත් වුනා. විදුලි බලාගාරයකට වතුර හරවන්න හදපු ලොකු වතුර බටයක් දාලා තිබුන අඩි පාර දිගේ කට්ටියම ගියා🤔😁 දිරා වැටුන පරණ ගෙදරක් ලගින් තිබ්බ අඩි පාර දිගේ ටික දුරක් යනකොට මෙන්න ඇල්ලෙන් පහලට වතුර වැටෙන් සද්දේ ඇහෙනවා. අම්මෝ ඇති යන්තම්🤭😁😀✌අපි ගියපු දවසේ නම් වතුර අඩුයි🤔, එහෙමයි කියලා ඉතින් නලගන ඇල්ලේ ලස්සන නම් අඩු වෙලා තිබ්බේ නෑ😍 එතන පැයක් විතර පොටෝ ගත්ත අපි ආයෙත් මුලින් ම ගියපු ඇල්ලේ පහළ කොටසට ගියේ දවල්ට කන්න ඕනෑ නිසායි😁😜 කට්ටියට නාලම කන්න ඕනෑ වුනා මොකද බයික් වල ඇවිත් සහ ඇවිදලා මහන්සි නිසා. දහම් අයියා, ඔෂා, දිලා සහ ගයාෂාන් වතුරට පැන්නේ පට්ට ආසාවකින්😜 ටික වෙලාවක් ගියා මෙන්න වහිනවා ශුවර් එකටම මේ සැරෙත් වැස්සට හේතුව දහම් අයියා තමයි😜😝🤣 මොකද පොර සහරා කාන්තාරයට ගියත් එහාටත් එදාට වහිනවා😜🤣😂

ද වැස්සේම අපි කට්ටිය ගෙනාව බිස්කට්, චොකලට් කන්න ගත්තේ සුපිරිම බඩගින්නක් සෙට්වෙලා තිබ්බ නිසා😁😒🙏 නාන්න ඇන්ද ශෝට පිටින්ම කට්ටිය බයික් තිබ්බ තැනට ආවේ ගෙදර යන බලාපොරොත්තුවෙන් සහ කෑම කන්න හොද කඩයක් හොයාගන්න ඕනේ නිසා😜😝🤣 අර ගල් ගැලවුන පාර දියේ බයික් වලින් හෙමින් හෙමින් උඩට ආපු අපි කට්ටිය එහෙම්ම බුලත්කොහුපිටිය ටවුමට යන්න තීරණ කලේ ඔෂාට සහ දහම් අයියට කොළඹට යන්න ළඟම පාර ඒක වුන නිසා🤔😝 විනාඩි 20කින් විතර වැස්ස පෑයුවා. කොහොමත් පාර නොදන්න නිසා වේගෙන් යන්නත් බෑනේ🤨 පැයක් වගේ ඇතුලත අපි බුලත්කොහොපිටිය ටවුමට ආවා. එතන තිබ්බ කෑම කඩයකට මික්ස් රයිස් 3ක ඕඩරයක් දුන්නේ ඔෂා😜😀✌ අත සෝදන්න ගියපු ඔෂා එකපාරටම "යකෝ ඇළෙන් අත සේදුවා වගේ නේ බන්😜😝🤣😂" කියලා හෙන හයියෙන් කිව්වේ කඩේ හිටපු කට්ටිය ව හිනස්සවමින්🤭 හරි පොර කිව්ව කතාව 100% හරි😝 යකෝ ඇළෙන් සෝදනවා වගේ සීන් එකක් තමයි🤣 සින්ක් එක තියෙන්නේ ජනේලෙන් එළියේ, එතනම පහළ ලොකු ඇළක් ගලාගෙන යනවා😝🔫 තිබ්බ මහන්සියයි, බඩගින්නයි නිසා කට්ටියට බත් 5ක් කන්න විනාඩි 10ක් වත් ගියේ නෑ😜😝✌ කට්ටියම කිරි කෝපි බිව්වේ ලාවට වගේ නිදිමත් සෙට් වෙලා තිබ්බ නිසා. ගෙවල් වලට යන්නත් ඕනේ නිසා කෑම ටිකට සල්ලි ගෙවලා අපි කඩෙන් එළියට ආවා😀

ෂාටයි දහම් අයියටයි සමු දුන්න අපි ටික 👋ආයෙත් කෑගල්ලට ආවේ නුවර - කොළඹ පාර හුරු නිසා😁😀 මාවනැල්ල කිට්ටු වෙන් ආයෙත් කෑම කඩේකට මම, තිසලි, දිලා, ගයාශාන් ගොඩවුනේ ආයෙත් නිදිමතක් දැනුණ නිසා😌😁 මාවනැල්ලේ ඉදන් පහල කඩුගන්නාව වෙනකන්ම බයික් දෙක හෙමින් හෙමින් ආවේ තිසලි නලගන ඇල්ල කිට්ටුව කට්ටිය විසිකරලා තිබ්බ පොලිතීන් බෑග්, ලන්ච් ශීට් එකතු කර ගෙන ආව නිසා😀💪 හම්මෝ යන්තම් ඇති එක තැනක් තියෙනවා මේකි එකතුකරගෙන ආපු කුණු ටික දාන්න පුලුවන්🤣🤭😀 දැන් ඉතින් විදිල්ලක් තමයි😁😜 විනාඩි 20න් පේරාදෙණියේ😜 කොහොම හරි ගන්නොරුවෙන් තිසලියාව😀👋 බස්සපු අපි ටික ඒ කියන්නේ දිලයි, මායි, ගයාශානුයි ගන්නෝරුව පාරේ තව ටිකක් ඉස්සරහට ආවේ මේ ඩබල ගුහාගොඩ පාරෙන් කටුගස්තොට හරහා මාතලේ යනවා කිව්ව නිසයි🤔😀👋 මම ගන්නෝරුවෙන් හැරිලා පේරාදෙණිය විශ්ව විද්යාලය පැත්තට ගිහින් අක්බාර් පාලමෙන් ගම්පොළ පාරට බයික් එක දැම්මේ ප්රධාන පාරට වඩා ඒ පාරෙන් නිදහසේ යන්න පුලුවන් නිසා🤔😀😜 නලගන ඇල්ල බලන්න ගියපු ගමන අවසන් කලේ කට්ටියම ආයෙත් දවසක ලංකාවේ තවත් සුන්දර තැනකට යන බලාපොරොත්තුවෙන්😍😀💪




පැත්තකින් වැටෙන වතුර පාරක් - නලගන ඇල්ල පාමුලට යනකොට හමුවෙන්නේ

ගයාශාන් 😉😅😋


ඩිලයි ගයාශානුයි නලගන ඇල්ල පාමුල
කට්ටියම නලගන ඇල්ල පාමුලට යන ගමන්
ඔතන ඉස්සරහා තමයි අපේ කට්ටියම නෑවේ


දහම් අයියා නලගන ඇල්ල පාමුල

ඔෂා නලගන ඇල්ල පාමුල

පැත්තකින් වැටෙන වතුර පාරක්

Comments

Popular posts from this blog

කබරගල කන්ද තරණය

FB එකේ දැක්ක පෝස්ට් එකකට අනුව කවදාහරි යන්නම ඕනේ කියලා හිතුන තැනක් තමයි කබරගල😍. කොහොමහරි මම 2018 දෙසැම්බර් 13 වෙනිදා තියෙන දරේ අයියාගෙයි තුශාරා අක්කගෙයි වෙඩින් එකට යන විදිහ කතා කරගන්න දහම් අයියලාගේ බ් ‍ රාන්ච් එකට ගියා🤔. කොහොමහරි ඒ වැඩටිකත් කතා කරගෙන නිකමට වගේ දහම් අයියාගෙන් ඇහුවා  යමුද මේ සතියේ ට් ‍ රිප් එකක්. වැඩිය දුර නැති ලඟ තැනක් තියෙනවා කබරගල කියලා මොකද කියන්නේ?  සෙනසුරාදා නම් බෑ බන් ඉරිදා යමුද,  දහම් අයියාගෙන් ඒ වගේ පිළිතුරක් බලාපොරොත්තු වුනේම නෑ. මොකද අහන අහන හැමවේලේම එසයිමන්ට් තියෙනවා කියාගත්ත ගමන්මයිනේ😜😁🤭 . අහ් අයියා එහෙනම් ඉරිදා අනිවා යන් කියාගෙන මම ඔෆිස් එකට එනගමන් දෙනුවන් අයියාට කොල් එකක් ගත්තේ ෆ් ‍ රී නම් අනිවා නෑ බෑ නොකියා එන හින්දයි🤗✌ දැනට 2යි, තව දෙතුන් දෙනෙක් ගමනට සෙට් කරගන්න බැලුවත් හරිගියේ නෑ. නාවලපිටියට ගිහින් යනවද🤔, ගම්පොලට ගිහින් යනවද🤔 කියලා හිත හිතා දෙසැම්බර් 14 සිකුරාදා හවස ගෙදර යන්න 120 බස් එකට නැග්ගේ ඉක්මනට පිටකොටුවට ගිහින් නුවර බස් එකට ගොඩවෙන්න හිතාගෙන. මෙන්න Accounts එකේ අචිනි නංගි බස් එකේ ඉන්නවා! දැක්ක ගමන් මතක් වුනේ මේ...

මීයන් ඇල්ල - ඉහළකෝට්ටේ

ඉක්මනට යමන් යකෝ කෝච්චිය ගිහින්ද දන්නෙත් නෑ මචන් තඩියා ඉහලකෝට්ටේ ස්ටේශමට ටිකට් දෙකයි, පේරාදෙණියට එකයි බන්...  මොකටද බන් පේරාදෙණියට ටිකට් ගන්නේ? ඇයි බන් මට සීසන් එක තියෙනවානේ   අපි කතාවෙනවා අහගෙන හිටපු දුම්රිය ස්ථානාධිපති තුමා මල්ලී ආයේ කෝච්චියක් තියෙන්නේ 10.30ට *** උ දෑසන 6.30ට දුම්රිය පිටත් වෙනවා කියලා හිතාගෙන හිටපු අපි ගිය පයින්ම ආපසු සලික්ගේ ගෙදරට හනි හනිකට ආවේ බයික් වලින් හරි ගමන යන්න ඕනේ කියලා හිතාගෙන. ගෙදරට ගොඩවුන අපි ඒ කියන්නේ මම සහ සලික් වැඩිපුර හෙල්මට් එකකුත් අරගෙන පහලට ආවේ සංජීව අයියට අනික් හෙල්මට එක විසිකරන ගමන්. කොහොමහරි 6.50ට විතර අපි බයික් වලින් පිටත් වුනේ ඉක්මනටම ඉහළකෝට්ටේ බලා යන අරමුණ පෙරදැරි කරගෙන. ඔය අතර වාරේ මහේෂ් එකදිගට දුරකථන ඇමතුම් ගණනාවක් ලබාදුන්නේ අපි ඒ කියන්නේ මම, සංජිව අයියා සහ සලික් ඉහළකොට්ටේ බලා එනවද කියලා තහවුරු කරගන්නා අටියෙන්. *** අ හ් මේ තියෙන්න මෙතනින් තමයි එහෙනම් උඩට යන්න තියෙන්නේ  සලික් උබ ඉස්සෙල්ලාම නැගපන් ඒ මචන් පොඩ්ඩක් හිටපන් අරුන් ටික පහලට එනවා. උන් ටික ආවට පස්සේ අපි යමු   පළවෙනියට සලික් ද, දෙවනුව සංජීව අයියා ද, තෙවනුව මහෙශ් ද අ...

තෙල්දෙණිය යටවුන නගරය

ජූනි මාසේ 8 වෙනිදා තමයි මේ ගමන යන්න කට්ටියව සෙට් කරගන්න පුලුවන් වුනේ 🤔😜 . බ්‍රහස්පතින්දා ඒ කියන්නේ ජූනි මාසේ 6 වෙනිදා සුපුරුදු විදිහට හවස බෝඩිමට යන වෙලාවේ සලික්‍ට කෝල් එකක් ගත්තා 😹 . “ මේ ඕයි කාලෙකින් කොහෙවත් යන්නත් බැරි වුනා නේ බන් 😜😂 . මේ සතියේ යමන්ද වික්ටෝරියා ජලාශයට යටවුන පරණ තෙල්දෙණිය නගරය බලන්න 😁 . දැන් වැස්සත් නෑ අනික ජලාශය හිදිලා තියෙන්නේ . උදේම යමු නේ බන් 🤔😁😃 . “ හරි හරි යමන් මම එන්නම් බන් . අඩේ අනිවා යමන් හරිද 🤭😂 , මොකද ගිය පාර අපි එනකොට පාලම ළඟට යන්නත් බැරි වුනා නේ 🙉😂 මේ කෝකටත් කට්ටියගෙන් අහපන් ” කොහොම හරි සලික්ව සහ අශේන්ව  ගමනට කැමති කරවා ගන්න පුළුවන් වුනා 😁✌ ගමනට කලින් දවසේ , ඒ කියන්නේ ජූනි 7 වැනිදා කසුන් , ඩිලාන් , ශාසා.... කට්ටියම ඉන්න වට්ස් ඇප් ගෲප් එකට මැසේජ් එකක් දැම්මේ ගමන යන්න තව කවුරු හරි එකතු කරගන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසා 🤔😉 . ගොඩ දෙනෙක් නැතිවුනත් කසුන් සහ ඩිලාන් නම් එකපාරටම ගමන යන්න කැමති වුනා 😃✌ ️ .  ප්ලෑන් කරපු වෙලාවටම නම් යන්න බැරිවුනා මොකද ගෙදරට ක්ලාස් යනවා කියලා ආව උන් දෙන්නෙක්ම හිටියා නේ... 😂😂😂 කොහොම හරි ...