FB එකේ දැක්ක පෝස්ට් එකකට අනුව කවදාහරි යන්නම ඕනේ කියලා හිතුන තැනක් තමයි කබරගල😍. කොහොමහරි මම 2018 දෙසැම්බර් 13 වෙනිදා තියෙන දරේ අයියාගෙයි තුශාරා අක්කගෙයි වෙඩින් එකට යන විදිහ කතා කරගන්න දහම් අයියලාගේ බ්රාන්ච් එකට ගියා🤔. කොහොමහරි ඒ වැඩටිකත් කතා කරගෙන නිකමට වගේ දහම් අයියාගෙන් ඇහුවා
දහම් අයියාගෙන් ඒ වගේ පිළිතුරක් බලාපොරොත්තු වුනේම නෑ. මොකද අහන අහන හැමවේලේම එසයිමන්ට් තියෙනවා කියාගත්ත ගමන්මයිනේ😜😁🤭. අහ් අයියා එහෙනම් ඉරිදා අනිවා යන් කියාගෙන මම ඔෆිස් එකට එනගමන් දෙනුවන් අයියාට කොල් එකක් ගත්තේ ෆ්රී නම් අනිවා නෑ බෑ නොකියා එන හින්දයි🤗✌ දැනට 2යි, තව දෙතුන් දෙනෙක් ගමනට සෙට් කරගන්න බැලුවත් හරිගියේ නෑ.
නාවලපිටියට ගිහින් යනවද🤔, ගම්පොලට ගිහින් යනවද🤔 කියලා හිත හිතා දෙසැම්බර් 14 සිකුරාදා හවස ගෙදර යන්න 120 බස් එකට නැග්ගේ ඉක්මනට පිටකොටුවට ගිහින් නුවර බස් එකට ගොඩවෙන්න හිතාගෙන. මෙන්න Accounts එකේ අචිනි නංගි බස් එකේ ඉන්නවා! දැක්ක ගමන් මතක් වුනේ මේකිත් ගම්පොල නේ කියලා🤗. කොහොමහරි බටර් පාර ගාලා පොරව කැමති කරව ගත්තා දොලොස්බාගේ පැත්තට යන පලවෙනි බස් එක තියෙන වෙලාව ගම්පොල ඩිපෝවෙන් අහල කියන්න🤭😂🤭.කොහොමහරි එදාම 8ට විතර පණිවිඩය ලැබුණා පලවෙනි බස් එක තියෙන්නේ උදේ 7.15 කියලා😊.
තව සැරයක් දනූශී, සලික්, ශාක්ය... ඇතුලු සෙට් එකට කොල් කරත් ඒ කවුරුවත්ම ගමනට සෙට් කරගන්න බැරිවුනා🙄. කොහොමහරි සෙනසුරාදා මහ රෑම යන්න වුනා දහම් අයියාව එක්කරගෙන එන්න, මොකද පොර දරේ අයියගෙයි තුශාරා අක්කගෙයි හෝම්කමින් එකට ගිහින් තමයි අපේ ගෙදර එනවා කිව්වේ. 10ට විතර ගෙදරට ආපු දහම් අයියාට ඉක්මනට කන්නදී නිදාගන්න ලැස්තිකරලා දුන්නේ මූ තව ටිකක් වෙලා ඇහැරගෙන හිටියොත් මගේ කාඩ් කුඩුපට්ටම් කරන නිසයි🤭🤣🤣
2018 දෙසැම්බර් 16 ඉරිදා උදේ 7.45 වෙද්දී දහම් අයියයි මායි ගම්පොල බස් නැවතුම්පලේ නවතා තිබූ දොලොස්බාගේ බස් රථයට ගොඩවෙලා දෙනුවන් අයියා එනතෙක් බලා සිටියේ කොහොමත් බස් එක 8.30ට යන්න පිටත් වන හින්දා. හරියටම 8ට වෙද්දී දෙනුවන් අයියා බස් නැවතුම්පලට ආවේ
හරියටම 8.30 පිටත් වුන ගම්පොල ඩිපෝවට අයත් CTB බස් රථය ටික දුරක් ගොස් දොලොස්බාගේ පාරට හරවන්නට වුනා. මෙරිවල හන්දියට ටිකට් 3ක් ගත්ත අපි කොන්දොස්තර මහතාගෙන් පළමුවෙන්ම ඇසුවේ අන්තිම බස් එක කීයටද තියෙන්නේ කියලා😋😁✌. 3.30ට දොලොස්බාගෙන් අන්තිම බස් එක බව දැන ගත්ත අපි වටපිටාව නරඹන්නට වුනේ ඒක අමුතුම පරිසරයක් නිසා😍✌️
කොහොම හරි විනාඩි 45ක විතර ගමනකින් පස්සේ අපි මෙරිවල හන්දියෙන් බැස්සා. පොටෝවල දැක්කට වඩා හාත්පසින්ම වෙනස් විදිහට කබරගල කන්ද පෙන්න ගත්තා😮. එතන හන්දියේ තිබ්බ කඩේ මාමාගෙන් අපි කන්දට යන පාර අසාගෙන නාවලපිටිය පැත්තට යන්න පිටත් වුනා. මීටර් 800 විතර ගියාට පස්සේ තමයි මතක් වුනේ කූඩැල්ලන් ඉන්නවා ඇති කියලා🤦♂️. ආපහු දෙනුවන් අයියා කඩේට දිව්වේ දුම්කොළයි, පොල්තෙලුයි හෝ සන්ලයිට් සබන් කැටයක් අරන් එන්න කියලා😑
කොහොමහරි ගෙදරක් ලඟින් තිබ්බ අඩිපාරකින් අපි කබරගල කන්ද නගින්න පටන් ගත්තා. පොඩි තේ වගාවක් මැදින් තිබ්බ පාරකින් ඉස්සරහට යනකොට වත්තේ හදලා තිබ්බ ගණදෙවි කෝවිල ලඟට යාගන්න පුලුවන් වුනා. එතන තිබ්බ වතුර පාරකින් සබන් කෑල්ල දියකරලා කකුල් දෙකේ ගාගත්ත අපි තේ වත්ත මැදින් උඩට යන්න පටන් ගත්තේ තව යන්න ගොඩක් දුර තියෙන හින්දා. කොහොම හරි වත්තේ බංගලාවට යන පාරට සෙට් වුන අපි ඒක දිගේ තව මීටර් 950ක් විතර යනකොට බංගලාව දැකගන්න පුලුවන් වුනා. එතන ගේට්ටුවෙන් ඉදිරියට ගිය අපි තුන්දෙනා ටිකක් හෙවන තැනක නැවතුනේ මොනවා හරි පොඩි දෙයක් බඩට දාගන්න🙄😁
විනාඩි 20ක් විතර නැවතිලා හිටපු අපි අයෙත් ගමන පටන් ගත්තා. කැළේ පීරගෙන උඩට ගියපු අපිට පොඩ්ඩක් විවේක ගන්න හොද ගල්තලාවක් හමුවුනා. එතනත් විනාඩි 5ක් විතර හිටපු අපි විනාඩි 30කින් විතර ෆේක් පීක් (Fake Peak) එකට යාගන්න පුලුවන් වුනා. එතන ඉදලා පොටෝ දෙකතුනක් ගත්ත අපි රියල් පීක්(Real Peak) එකට යන්න තිබ්බ ෆයිනස් ගස් මැදින් තියෙන අඩිපාරට සෙට් වුනා. කියන්න සතුටු ඒකනම් කූඩැල්ලෝ විමානයක්😒 එකෙක් ගලවලා අයින් කරනකොට තව දෙතුන් දෙනෙක් කකුලේ එල්ලිලා😵😖😑. කොහොමෙන් කොහොම හරි කබරගල කන්ද තරණය කරගන්න පුලුවන් උනා😊
ලස්සන වටපිටාව, අඩුත් නැති වැඩිත් නැති සීතල, ටිකක් විතර සැර සුළඟ මාරම අත්දැකීමක් එක්කරා ඒ ගමනට🤩😍😎. කිසිම මහන්සියක් නැතිව උඩටම එන්න පුලුවන් වුනා. කොහොමහරි පැය එක හමාරක් විතර උඩට වෙලා හිටපු අපි තුන්දෙනා දවල්ට කාල පහලට එන්න පිටත් වුනා. කියන්න සතුටුයි අපි උඩට යනකොට ගිහින් තිබ්බේ වැරදි පාරක. කොහොමහරි කිලෝමීටර 8ක් විතර වෙන සම්පූර්ණ ගමන අපි කිලෝමීටර 14ක් විතර ගිහින් තිබ්බා🤦♂️🙄😂😅. අන්තිමේදී 4ට විතර බස් එකට නැග්ග අපි ගම්පොලට එන්න පිටත් වුනේ ගෙදර යන බලාපොරොත්තුවෙන්.
ප.ලි,
අයේත් යන්නම හිතෙන ගමනක්. ( කැම්ප් කරන්න වගේ 😁🤭✌)
******
යමුද මේ සතියේ ට්රිප් එකක්. වැඩිය දුර නැති ලඟ තැනක් තියෙනවා කබරගල කියලා මොකද කියන්නේ?
සෙනසුරාදා නම් බෑ බන් ඉරිදා යමුද,

"බඩගිනී! බන් මම කන්න මොනවා හරි අරන් එන්නම්"කියාගෙන😜😅✌.

![]() |
| මෙරිවල හන්දියේ සිට නාවලපිටිය දෙසෙට දිවෙන මාර්ගය 😁 |
![]() |
| තේ වත්තේ උඩ කොටස |
![]() |
| තේ දළු වගේම වත්තේ මිනිස්සු ප්‍රවාහනය කරන වෑන් රථයක් 🤗 |
![]() |
| 😊✌ |
![]() |
| දෙනුවන් අයියා 😁😜 |
![]() |
| තේ වත්ත මැදින් අපි උඩට යනගමන් 😁 |
![]() |
| උදේම තේ දළු නෙලනවා 😊 |
![]() |
| නාවලපිටිය - දොලොස්බාගේ බස් රථය නාවලපිටිය බලා පිටත් වෙමින් 😁 |
![]() |
| දහම් අයියා ගණදෙවි කෝවිල ඉදිරිපිට 🤗 |
![]() |
| දෙනුවන් අයියා සහ දහම් අයියා වත්තේ බංගලාවට යන පාර දිගේ ඉදිරියට යන ගමන් 😜 |
![]() |
| පොටෝ එකක් ගන්න ගමන් 😋 |
![]() |
| දෙනුවන් අයියා සහ දහම් අයියා තේ දළු එකතු කරන මඩුවේ සිට 😜😅 |
![]() |
| වත්තේ බංගලාවේ තියෙන පොකුණ 😁 |
![]() |
| වත්තේ බංගලාවේ අවසානයේ දමා ඇති ගේට්ටුව 🙄🤭😅 |
![]() |
| දෙනුවන් අයියා සහ දහම් අයියා පොඩි බඩගින්න නිවා ගන්න ගමන් 😜😅 |
![]() |
| දෙනුවන් අයියා 😎😁 |
![]() |
| තේ මලක් 😁 |
![]() |
| කබරගල 😁 |
![]() |
| රැන්ඩම් ක්ලික්ස් 🙄😅 |
![]() |
| රැන්ඩම් ක්ලික්ස් 🙄😅 |
![]() |
| රැන්ඩම් ක්ලික්ස් 🙄😅 |
![]() |
| දහම් අයියා 😎😁 |
![]() |
| අපිට පොඩ්ඩක් විවේක ගන්න හොද ගල්තලාවක් හමුවුනා කිව්වේ, අන්න ඒ කිට්ටුව 😎🙄😜 |
![]() |
| කබරගල ෆේක් පීක් එක සිට 😁 |
![]() |
| කබරගල ෆේක් පීක් එක සිට, මෙතන ඉදන් තියෙන තෙත කැලෑවේ තමයි කූඩැල්ලෝ වැහි වැහලා ඉන්නේ 😖 |
![]() |
| කබරගල ෆේක් පීක් එක සිට😁 |
![]() |
| දෙනුවන් අයියා කබරගල මුදුනේ සිට 😜✌ |
![]() |
| මුදුනේ තියෙන ෆයිනස් ගස් කිහිපය 😁😜 |
![]() |
| කට්ටියම කබරගල මුදුනට යනගමන් 😎😜 |
![]() |
| රැන්ඩම් ක්ලික්ස් 🙄😅 |
![]() |
| රැන්ඩම් ක්ලික්ස් 🙄😅 |
![]() |
| රැන්ඩම් ක්ලික්ස් 🙄😅 ආතල් එකේ පරිසරය විදින දෙනුවන් අයියා 😎🤭 |
![]() |
| රැන්ඩම් ක්ලික්ස් 🙄😅 |

Comments
Post a Comment