දිනය
හරියටම 2018 දෙසැම්බර් 22වන සෙනසුරාදා🤔 හවස දෙක හමාරට විතර දහම් අයියාගෙන් ලැබුන දුරකතන
ඇමතුමට "අහ් හරි අයියා හෙට නේද, යන් මම එන්නම් අවුලක් නෑ කෑම්ප් කරනවාද, අහ් එහෙමද
යමු මම අනිවා එනවා..." මගෙන් ලැබුන පිළිතුරු ටික තමයි ඒ😁✌.
මාස හය
හතක ඉදන් බතලේගල යන්න තිබ්බ ආසව ඉශ්ට වෙන්නයි යන්නේ😍😁. කොහොමහරි දෙනුවන් අයියා ඇතුලු
යාලුවන් හතර පස් දෙනෙකුටම දුරකතන ඇමතුම් ලබාගත්තේ කෑම්ප් කරන්න ප්ලෑන් කරපු නිසා🤩. කොහොමහරි
අන්තිමේදී දහම් අයියා සහ මම විතරයි බතලේගල යන්න ඉතුරු වුනේ🤷♂️😏.
23 වෙනිදා,
ඒ කියන්නේ ඉරිදා උදේම පේරා කැම්පස් එකේ ඉන්න යාලුවෙක් වුන පත්තෑයාගෙන් ගෙන් ටොම්බ් රෙයිඩර් ගේම් එකත් කොපිකරගෙන ඉක්මනටම ගෙදර ආවේ හවස බතලේගල යන්න තිබුන හින්දා😅😜. හරියටම 1.45ට විතර දහම් අයියාගෙන්
දුරකතන ඇමතුමක් ආවේ " මම දැන් කෑගල්ලේ ඉක්මනට වරෙන්" කියලා🤦♂️😂. කොහොමහරි නුවර
- කෑගල්ල බස් එකට පේරාදණියෙන් ගොඩවෙනකොටත් 2යි🤨😅. දහම් අයියාගේ වෙලාව හොදකමට බස් එක ට්‍රැෆික් දෙක තුනකටම සෙට් වෙලා මාවනැල්ලට
යනකොට 3.30යි. විනාසයි!!! 🤭කොහොමහරි අපි දෙන්නා අරණායක බස් එකකට ගොඩ වුනේ තව වෙලා ගියොත්
අපි රෑ ඉන්න හදන ගෙදර මල්ලීගෙනුත් බැනුම් අහන්න වෙයි කියලා. ( වෙලාවටම අදාල තැනට යන
එක නෙවෙයි වැදගත් කොහොමහරි එතනට යන එකයි🤭😁😋 )
දිප්පිටියට
ටිකට් දෙකක් ගත්ත අපි බස් එකේ විනාඩි 45ක විතර ගමනකට ලැහැස්ති වීමු😎. ලස්සන පැත්තක්,
පාර දෙපැත්තේම සරුසාර කුඹුරු. හිතාගන්නවත් බැරි තරම් සුන්දර ගැමි පරිසරයක්😍. කොහොමහරි
දිප්පිටියෙන් බැස්ස අපි උදාරයා එනකන් විනාඩි 5ක් විතර ටව්මේ ඇවිද්දා. කොහොමහරි අපි
දෙන්නව ගන්න මේකා ආවේ බයික් එකේ😅. අපි දෙන්නත් කොහොමහරි උදාරයාගේ බයික් එකට නැගගත්තා.
" වැඩිය දුර නෑ අනික මේ පාරේ පොලීසියත් නෑ ඒ හින්දා බයවෙන්න දේකුත් නෑ" ඒ
උදාර🤷♂️😋. කොහොමහරි අපිට මතක තියාගන්නවත් බැරි පාරවල් ගොඩකින්, ඒ කියන්නේ සමහර වෙලාවට මිදුල්
හරහා, වතු හරහා, තාර පාරෙන්, කුඹුරක් හරහා
වැටිලා තිබ්බ පොඩි පාරකින්, ඔන් රෝඩ්, ඕෆ් රෝඩ් යන්න පුලුවන් හැම පාරකින්ම ගිහින් විනාඩි
20ක් වගේ ඇතුලත් උදාරගේ ගෙදර යන්න පුලුවන් වුනා🤩🤞.
ගෙදරට
ගොඩවුනා විතරයි, " පුතාලා මොකද වෙලාගියේ, ඉන්න මම බොන්න මොනවාහරි හදන්නම්
😊" ඒ උදාරගේ අම්මා. කොහොමහරි පැය භාගයක් විතර ආගිය තොරතුරු කතාකරමින් හිටපු අපි
බතලේගල කෑම්ප් කිරීමේ අදහස අතහැරියේ මහ
වැස්සක ලකුණු මතුවෙමින් තිබුන නිසයි🤨🙄😌 " මේ අපි ඕනේ නම් මානාගල ගිහින් එමුද?🤔🤨 " උදාරගේ එම යෝජනාවට මම එකවරම එකඟවුනේ ඒ ඉන්න ටික වේලාවේ
හරි ගමේ ඇවිදින්න යන්න තිබුන අසාව නිසයි🤩. කොහොමහරි අපි දෙන්නවත් බයික් එකට දාගත්ත
උදාර මානාගල යන්න පිටත් වුනා. විනාඩි 10ක් ගමනකින් පසු පන්සල් වත්තක් මැදින් තිබ්බ
පාරක බයික් එක නවතා අපි තුන්දෙනා මානාගල නගින්න පටන්ගත්තෙමු. තද බෑවුමක් තියෙන ගල්
පොත්තක් දිගේ උඩට ගිය අපිට 🧗♂️ හෙට දින ඒ කියන්නේ 24 වෙනිදා තරණය කරන්න තියෙන බතලේගල කන්ද දකින්නට
ලැබුණි😉. ඉර බැසගෙන යන වේලාවේ එක පැත්තකින් සාමසර කන්ද, තව පැත්තකින් දෙවනගල පුදබිමද, තව නොදන්න කඳු පන්ති කිහිපයක්ම හොදින්
දැකගන්නට පුලුවන් වුනි🤩😊😁. පැය භාගයක්වත් නොයිද අපි ආපසු උදාරගෙ ගෙදර එන්න පිටත් වුනේ
ලොකු වැහි වලාවක් ඇවිදින් මුලු පෙදෙසම වසාගත් නිසාවෙනි🙄😒.
ටික වෙලාවක් හිටපු අපි ඇඟපත සෝදාගෙන රෑ කෑමට
ලැහැස්ති වීමු😋😀. උදාරගේ අම්මට පින් සිද්ද වෙන්න අපි බඩකට පිරෙන්නම එදා රෑට කෑවෙමු🤤.
කොහොමහරි උදාරගේ මස්සිනාවත් සෙට් කරගෙන මහ රෑ වෙනකන් කාඩ් සෙල්ලම් කරපු අපි නින්දට
වැටුනේ😪 පසුදා බතලේගල තරණය බලාපොරොත්තුවෙනි.
උදෑසන අවදිවුනු අපි ගමනට ලැහැස්ති වුනෙමු😊😉.
කොහොමහරි 10ට විතර අපි උදාර එක්ක බයික් එකේම මේනම
හන්දියට කිසිම කරදරයකින් තොරව පැමිණියෙමු. එතනින් හත්ගම්පල හන්දියට ත්‍රී වීල්
රථයක නැගී දහම් අයියයි මායි ගියේ ඒ පාරේ පොලීසියෙන් ඉන්න නිසාවෙනි. කොහොමහරි
දෙබත්ගම හන්දියෙන් වමට හරවපු ත්‍රී වීල් රථය විනාඩි 10ක් වගේ ඇතුලත හත්ගම්පල හන්දියට ලඟා වුනි. රුපියල් 150ක් වුනු ගාස්තුව ගෙවූ අපි එතනට
පෙනෙන සාමසර කන්දේ නාය යෑම සංවේගයෙන්
යුතුව බලා හිදියෙමු😢.
මෙන්න අපේ ගමන් සගයා බයික් එකේ හැටට හැටේ
එතනට ආවේ යන් යන් කියාගෙනම😂. බතලේගල කන්ද පාමුලටම යන පාරේ බයික් එකේ තුන්දෙනෙක්
දාගෙන යන්න! උදාරයා නම් පට්ට රයිඩර් කෙනෙක්💪😎. කොහොමහරි හීරෝ හොන්ඩා කොම්පැනියට
හිතගන්නවත් බැරි තැන්වලින්😅🤷♂️ මේකා අපිව කිසිම කරදරයකින් තොරව අරන් ගියා. ( බෑවුම වැඩි
තැන් 2ක අපිට බයික් එකෙන් පනින්න වුනා තමයි ඉතින් 😂😂😅) බතලේගල පාමුලට ගියපු අපි
ඉතුරු ටික පයින් යන්න පටන්ගත්තා. කොහොමහරි විනාඩි 45ක් විතර උඩට උඩට බඩගාපු අපි අන්තිමේදී බතලේගල
මුදුනටම නැගගන්න පුලුවන් වුනා🧗♂️🤗. දෙපැත්තටම විහිදුන පාරක් තියෙන තැනකින් තමයි අපි
උඩට ආවේ🤩. වම් අතට විහිදුන පාර දිගේ අවසානය තෙක්ම ගියපු අපිට ලස්සන වටපිටාවක්
දැකගන්න හැකිවුනා. එතන ඉදන් පොටෝ කිහිපයක් ගත්ත අපි බතලේගල අනික් මායිමට යන්න
පිටත් වුනා🚶♂️.
කැලේ මැදින් ගියපු අපිට ශීට් සෙවිලිකල පොඩි
කාමරක් දැකගන්නට පුලුවන් වුනා. එතැන නොනැවතී තවත් ඉදිරියට යනකොට සංඝාවාසයක්, ගල් ගුහාවක් තුල හදපු කුටියක් දැකගන්නට හැකිවුනා🤨😮. කොහොමහරි ඝණ කැලෑව පීරගෙන
බතලේගල ගල් තලාවේ අනික් මායිමට ගිහින් දවල්ට කන්න අරන්ගිය බිස්කට් එක කන්න පටන්
ගත්තා😁. එතනින් පහල බලන්නත් බයයි ගැඹුරු විදිහට හෙල පේන්නේ🙄🤨. කොහොමහරි එතන විනාඩි 45ක් විතර හිටපු අපි ආපසු එන්න පටන් ගත්තේ පන්සලේ ඉතුරු කොටස තිබෙන පැත්තෙන්. ඉතින් බතලේගල චාරිකාව නිමා කරමින් පහලට එන්න පටන්ගත්තා😁. ( උදාර බයික්
එකේ බ්‍රේක් හොඳයි නේ😅😜 )
උදාරගේ ගෙදර ගියපු අපි දවල්ට කාලා ආයේ දවසක
බතලේගල කෑම්ප් කරන්න එන බලාපොරොත්තුවෙන් ආපසු ගෙදර එන්න පිටත් වුනා😉. විශේෂයෙන්
කියන්න ඕනේ උදාර ඇතුලු උදාරගේ ගෙදරින් කරපු ආගන්තුක සත්කාර වලට බොහොම ස්තූතියි!!!😊❤😍
චාරිකාවට අදාල වීඩියෝ පටය සහ චායාරූප 👇👇👇
 |
| මානාගල මත සිට, ඈතින් පේන්නේ බතලේගල 😁 |
 |
| උදාර මානාගල මත, ඈතින් පේන්නේ බතලේගල 🤨😜 |
 |
| මම, දහම් අයියා සහ උදාර බතලේගල මුදුනේ 😜 |
 |
| මම, දහම් අයියා සහ උදාර බතලේගල මුදුනේ 🙄😜 |
 |
| උදාර, බතලේගල මුදුනේ 😜 |
 |
| උදාර, බතලේගල මුදුනේ 😜 |
 |
| උදාර, බතලේගල මුදුනේ 😜 |
 |
| මම, දහම් අයියා සහ උදාර බතලේගල මුදුනේ 😜 |
 |
| දහම් අයියා සහ උදාර බතලේගල මුදුනේ 😜 |
 |
| දහම් අයියා 😜 |
 |
| උදාර 😜 |
 |
| දහම් අයියා 😜 |
Comments
Post a Comment