Skip to main content

බතලේගල

දිනය හරියටම 2018 දෙසැම්බර් 22වන සෙනසුරාදා🤔 හවස දෙක හමාරට විතර දහම් අයියාගෙන් ලැබුන දුරකතන ඇමතුමට "අහ් හරි අයියා හෙට නේද, යන් මම එන්නම් අවුලක් නෑ කෑම්ප් කරනවාද, අහ් එහෙමද යමු මම අනිවා එනවා..." මගෙන් ලැබුන පිළිතුරු ටික තමයි ඒ😁✌.

මාස හය හතක ඉදන් බතලේගල යන්න තිබ්බ ආසව ඉශ්ට වෙන්නයි යන්නේ😍😁. කොහොමහරි දෙනුවන් අයියා ඇතුලු යාලුවන් හතර පස් දෙනෙකුටම දුරකතන ඇමතුම් ලබාගත්තේ කෑම්ප් කරන්න ප්ලෑන් කරපු නිසා🤩. කොහොමහරි අන්තිමේදී දහම් අයියා සහ මම විතරයි බතලේගල යන්න ඉතුරු වුනේ🤷‍♂️😏.

23 වෙනිදා, ඒ කියන්නේ ඉරිදා උදේම පේරා කැම්පස් එකේ ඉන්න යාලුවෙක් වුන පත්තෑයාගෙන් ගෙන් ටොම්බ් රෙයිඩර් ගේම් එකත් කොපිකරගෙන ඉක්මනටම ගෙදර ආවේ හවස බතලේගල  යන්න තිබුන හින්දා😅😜. හරියටම 1.45ට විතර දහම් අයියාගෙන් දුරකතන ඇමතුමක් ආවේ " මම දැන් කෑගල්ලේ ඉක්මනට වරෙන්" කියලා🤦‍♂️😂. කොහොමහරි නුවර - කෑගල්ල බස් එකට පේරාදණියෙන් ගොඩවෙනකොටත් 2යි🤨😅. දහම් අයියාගේ වෙලාව හොදකමට  බස් එක ට්‍රැෆික් දෙක තුනකටම සෙට් වෙලා මාවනැල්ලට යනකොට 3.30යි. විනාසයි!!! 🤭කොහොමහරි අපි දෙන්නා අරණායක බස් එකකට ගොඩ වුනේ තව වෙලා ගියොත් අපි රෑ ඉන්න හදන ගෙදර මල්ලීගෙනුත් බැනුම් අහන්න වෙයි කියලා. ( වෙලාවටම අදාල තැනට යන එක නෙවෙයි වැදගත් කොහොමහරි එතනට යන එකයි🤭😁😋 )

දිප්පිටියට ටිකට් දෙකක් ගත්ත අපි බස් එකේ විනාඩි 45ක විතර ගමනකට ලැහැස්ති වීමු😎. ලස්සන පැත්තක්, පාර දෙපැත්තේම සරුසාර කුඹුරු. හිතාගන්නවත් බැරි තරම් සුන්දර ගැමි පරිසරයක්😍. කොහොමහරි දිප්පිටියෙන් බැස්ස අපි උදාරයා එනකන් විනාඩි 5ක් විතර ටව්මේ ඇවිද්දා. කොහොමහරි අපි දෙන්නව ගන්න මේකා ආවේ බයික් එකේ😅. අපි දෙන්නත් කොහොමහරි උදාරයාගේ බයික් එකට නැගගත්තා. " වැඩිය දුර නෑ අනික මේ පාරේ පොලීසියත් නෑ ඒ හින්දා බයවෙන්න දේකුත් නෑ" ඒ උදාර🤷‍♂️😋. කොහොමහරි අපිට මතක තියාගන්නවත් බැරි පාරවල් ගොඩකින්, ඒ කියන්නේ සමහර වෙලාවට මිදුල් හරහා, වතු හරහා,  තාර පාරෙන්, කුඹුරක් හරහා වැටිලා තිබ්බ පොඩි පාරකින්, ඔන් රෝඩ්, ඕෆ් රෝඩ් යන්න පුලුවන් හැම පාරකින්ම ගිහින් විනාඩි 20ක් වගේ ඇතුලත් උදාරගේ ගෙදර යන්න පුලුවන් වුනා🤩🤞.

ගෙදරට ගොඩවුනා විතරයි, " පුතාලා මොකද වෙලාගියේ, ඉන්න මම බොන්න මොනවාහරි හදන්නම් 😊" ඒ උදාරගේ අම්මා. කොහොමහරි පැය භාගයක් විතර ආගිය තොරතුරු කතාකරමින් හිටපු අපි  බතලේගල කෑම්ප් කිරීමේ අදහස අතහැරියේ මහ වැස්සක ලකුණු මතුවෙමින් තිබුන නිසයි🤨🙄😌 " මේ අපි ඕනේ නම් මානාගල ගිහින් එමුද?🤔🤨 " උදාරගේ එම යෝජනාවට මම එකවරම එකඟවුනේ ඒ ඉන්න ටික වේලාවේ හරි ගමේ ඇවිදින්න යන්න තිබුන අසාව නිසයි🤩. කොහොමහරි අපි දෙන්නවත් බයික් එකට දාගත්ත උදාර මානාගල යන්න පිටත් වුනා. විනාඩි 10ක් ගමනකින් පසු පන්සල් වත්තක් මැදින් තිබ්බ පාරක බයික් එක නවතා අපි තුන්දෙනා මානාගල නගින්න පටන්ගත්තෙමු. තද බෑවුමක් තියෙන ගල් පොත්තක් දිගේ උඩට ගිය අපිට 🧗‍♂️ හෙට දින ඒ කියන්නේ 24 වෙනිදා තරණය කරන්න තියෙන බතලේගල කන්ද දකින්නට ලැබුණි😉. ඉර බැසගෙන යන වේලාවේ එක පැත්තකින් සාමසර කන්ද, තව පැත්තකින් දෙවනගල පුදබිමද, තව නොදන්න කඳු පන්ති කිහිපයක්ම හොදින් දැකගන්නට පුලුවන් වුනි🤩😊😁. පැය භාගයක්වත් නොයිද අපි ආපසු උදාරගෙ ගෙදර එන්න පිටත් වුනේ ලොකු වැහි වලාවක් ඇවිදින් මුලු පෙදෙසම වසාගත් නිසාවෙනි🙄😒.

ටික වෙලාවක් හිටපු අපි ඇඟපත සෝදාගෙන රෑ කෑමට ලැහැස්ති වීමු😋😀. උදාරගේ අම්මට පින් සිද්ද වෙන්න අපි බඩකට පිරෙන්නම එදා රෑට කෑවෙමු🤤. කොහොමහරි උදාරගේ මස්සිනාවත් සෙට් කරගෙන මහ රෑ වෙනකන් කාඩ් සෙල්ලම් කරපු අපි නින්දට වැටුනේ😪 පසුදා බතලේගල තරණය බලාපොරොත්තුවෙනි.

දෑසන අවදිවුනු අපි ගමනට ලැහැස්ති වුනෙමු😊😉. කොහොමහරි 10ට විතර අපි උදාර එක්ක බයික් එකේම මේනම හන්දියට කිසිම කරදරයකින් තොරව පැමිණියෙමු. එතනින් හත්ගම්පල හන්දියට ත්‍රී වීල් රථයක නැගී දහම් අයියයි මායි ගියේ ඒ පාරේ පොලීසියෙන් ඉන්න නිසාවෙනි. කොහොමහරි දෙබත්ගම හන්දියෙන් වමට හරවපු ත්‍රී වීල් රථය විනාඩි 10ක් වගේ ඇතුලත හත්ගම්පල හන්දියට ලඟා වුනි. රුපියල් 150ක්  වුනු ගාස්තුව ගෙවූ අපි එතනට පෙනෙන සාමසර කන්දේ නාය යෑම  සංවේගයෙන් යුතුව බලා හිදියෙමු😢.

මෙන්න අපේ ගමන් සගයා බයික් එකේ හැටට හැටේ එතනට ආවේ යන් යන් කියාගෙනම😂. බතලේගල කන්ද පාමුලටම යන පාරේ බයික් එකේ තුන්දෙනෙක් දාගෙන යන්න! උදාරයා නම් පට්ට රයිඩර් කෙනෙක්💪😎. කොහොමහරි හීරෝ හොන්ඩා කොම්පැනියට හිතගන්නවත් බැරි තැන්වලින්😅🤷‍♂️ මේකා අපිව කිසිම කරදරයකින් තොරව අරන් ගියා. ( බෑවුම වැඩි තැන් 2ක අපිට බයික් එකෙන් පනින්න වුනා තමයි ඉතින් 😂😂😅) බතලේගල පාමුලට ගියපු අපි ඉතුරු ටික පයින් යන්න පටන්ගත්තා. කොහොමහරි විනාඩි 45ක් විතර උඩට උඩට බඩගාපු අපි අන්තිමේදී බතලේගල මුදුනටම නැගගන්න පුලුවන් වුනා🧗‍♂️🤗. දෙපැත්තටම විහිදුන පාරක් තියෙන තැනකින් තමයි අපි උඩට ආවේ🤩. වම් අතට විහිදුන පාර දිගේ අවසානය තෙක්ම ගියපු අපිට ලස්සන වටපිටාවක් දැකගන්න හැකිවුනා. එතන ඉදන් පොටෝ කිහිපයක් ගත්ත අපි බතලේගල අනික් මායිමට යන්න පිටත් වුනා🚶‍♂️.

කැලේ මැදින් ගියපු අපිට ශීට් සෙවිලිකල පොඩි කාමරක් දැකගන්නට පුලුවන් වුනා. එතැන නොනැවතී තවත් ඉදිරියට යනකොට සංඝාවාසයක්, ගල් ගුහාවක් තුල හදපු කුටියක් දැකගන්නට හැකිවුනා🤨😮. කොහොමහරි ඝණ කැලෑව පීරගෙන බතලේගල ගල් තලාවේ අනික් මායිමට ගිහින් දවල්ට කන්න අරන්ගිය බිස්කට් එක කන්න පටන් ගත්තා😁. එතනින් පහල බලන්නත් බයයි ගැඹුරු විදිහට හෙල පේන්නේ🙄🤨. කොහොමහරි එතන විනාඩි 45ක් විතර හිටපු අපි ආපසු එන්න පටන් ගත්තේ පන්සලේ ඉතුරු කොටස තිබෙන පැත්තෙන්. ඉතින් බතලේගල චාරිකාව නිමා කරමින් පහලට එන්න පටන්ගත්තා😁. ( උදාර බයික් එකේ බ්‍රේක් හොඳයි නේ😅😜 )

දාරගේ ගෙදර ගියපු අපි දවල්ට කාලා ආයේ දවසක බතලේගල කෑම්ප් කරන්න එන බලාපොරොත්තුවෙන් ආපසු ගෙදර එන්න පිටත් වුනා😉. විශේෂයෙන් කියන්න ඕනේ උදාර ඇතුලු උදාරගේ ගෙදරින් කරපු ආගන්තුක සත්කාර වලට බොහොම ස්තූතියි!!!😊❤😍
 

චාරිකාවට අදාල වීඩියෝ පටය සහ චායාරූප 👇👇👇 

 



මානාගල මත සිට, ඈතින් පේන්නේ බතලේගල 😁

උදාර මානාගල මත, ඈතින් පේන්නේ බතලේගල 🤨😜

මම, දහම් අයියා සහ උදාර බතලේගල මුදුනේ 😜

මම, දහම් අයියා සහ උදාර බතලේගල මුදුනේ 🙄😜

උදාර, බතලේගල මුදුනේ 😜

උදාර, බතලේගල මුදුනේ 😜

උදාර, බතලේගල මුදුනේ 😜

මම, දහම් අයියා සහ උදාර බතලේගල මුදුනේ 😜

දහම් අයියා සහ උදාර බතලේගල මුදුනේ 😜

දහම් අයියා 😜

උදාර 😜

දහම් අයියා 😜



Comments

Popular posts from this blog

මීයන් ඇල්ල - ඉහළකෝට්ටේ

ඉක්මනට යමන් යකෝ කෝච්චිය ගිහින්ද දන්නෙත් නෑ මචන් තඩියා ඉහලකෝට්ටේ ස්ටේශමට ටිකට් දෙකයි, පේරාදෙණියට එකයි බන්...  මොකටද බන් පේරාදෙණියට ටිකට් ගන්නේ? ඇයි බන් මට සීසන් එක තියෙනවානේ   අපි කතාවෙනවා අහගෙන හිටපු දුම්රිය ස්ථානාධිපති තුමා මල්ලී ආයේ කෝච්චියක් තියෙන්නේ 10.30ට *** උ දෑසන 6.30ට දුම්රිය පිටත් වෙනවා කියලා හිතාගෙන හිටපු අපි ගිය පයින්ම ආපසු සලික්ගේ ගෙදරට හනි හනිකට ආවේ බයික් වලින් හරි ගමන යන්න ඕනේ කියලා හිතාගෙන. ගෙදරට ගොඩවුන අපි ඒ කියන්නේ මම සහ සලික් වැඩිපුර හෙල්මට් එකකුත් අරගෙන පහලට ආවේ සංජීව අයියට අනික් හෙල්මට එක විසිකරන ගමන්. කොහොමහරි 6.50ට විතර අපි බයික් වලින් පිටත් වුනේ ඉක්මනටම ඉහළකෝට්ටේ බලා යන අරමුණ පෙරදැරි කරගෙන. ඔය අතර වාරේ මහේෂ් එකදිගට දුරකථන ඇමතුම් ගණනාවක් ලබාදුන්නේ අපි ඒ කියන්නේ මම, සංජිව අයියා සහ සලික් ඉහළකොට්ටේ බලා එනවද කියලා තහවුරු කරගන්නා අටියෙන්. *** අ හ් මේ තියෙන්න මෙතනින් තමයි එහෙනම් උඩට යන්න තියෙන්නේ  සලික් උබ ඉස්සෙල්ලාම නැගපන් ඒ මචන් පොඩ්ඩක් හිටපන් අරුන් ටික පහලට එනවා. උන් ටික ආවට පස්සේ අපි යමු   පළවෙනියට සලික් ද, දෙවනුව සංජීව අයියා ද, තෙවනුව මහෙශ් ද අ...

කැලෑබොක්ක

2021 නොවැම්බර් 06. රාත්‍රී 10.24 | නිවස, පැනිදෙණිය මුහුණු පොතේ මැසෙන්ජර් තුලින් චානක අයියා තැබූ පණිවිඩය අහම්බෙන් නෙත ගැටුනු මා එසැනින්ම දුරකතන ඇමතුමක් ගත්තෙමි. හලෝ චානක අයියේ, ඔයා මැසේජ් එකක් දාලා තියෙනවා දැකපු ගමන්ම කෝල් එක ගත්තේ. අයියේ අපි හෙට කොහෙද යන්නේ. මම එනවා කිසිම අවුලක් නෑ.. චානක අයියාට කතා කිරීමටවත් ඉඩක් නොතියාම මම එසේ කියවන්නට වුනෙමි. සාවධානව අසාගෙන සිටි චානක අයියාගෙන් ලැබුන පිළිතුර වූයේ මල්ලී අපි හෙට බඹරකිරි ඇල්ල බලන්න යන්න හිතාගෙන ඉන්නේ. ඔයා යන්න එනවද? අකලංකත් එන්නම් කිව්වා. ඔයා එනවා නේ!!! ලද අවසරයෙන්ම මම ගමනට සහභාගී වෙන බව තහවුරු කළ මා එතැන් සිට මෝටර් බයිසිකලය පිළිබදව විස්තර කතාබස් කරන්නට වීමි. දුරකතන සංවාදය අවසන් වූ සැනින්ම ඉහළ මහලට ගොස් අම්මාට මම හෙට ටුවර් (Bike Tour) එකක් යන බව පවසා ඒ සදහා අවසර ලබාගතිමි. කෙසේ හෝ රාත්‍රී 11.15 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ගමන් මග පිලිබද විස්තර ගූගල් මැපස් තුලින් සොයන්නට වීමි. ගමනට අවශ්‍ය ආම්පන්න ලැහැස්ති කොට ඇදට වැටුනේ නිදා ගැනීම උදෙසාය... අහෝ නිදි දෙව්දුව නම් අහලකවත් නැත !!! 2021 නොවැම්බර් 07. උදෑසන 6.00 | නිවස, පැනිදෙණිය ...

කබරගල කන්ද තරණය

FB එකේ දැක්ක පෝස්ට් එකකට අනුව කවදාහරි යන්නම ඕනේ කියලා හිතුන තැනක් තමයි කබරගල😍. කොහොමහරි මම 2018 දෙසැම්බර් 13 වෙනිදා තියෙන දරේ අයියාගෙයි තුශාරා අක්කගෙයි වෙඩින් එකට යන විදිහ කතා කරගන්න දහම් අයියලාගේ බ් ‍ රාන්ච් එකට ගියා🤔. කොහොමහරි ඒ වැඩටිකත් කතා කරගෙන නිකමට වගේ දහම් අයියාගෙන් ඇහුවා  යමුද මේ සතියේ ට් ‍ රිප් එකක්. වැඩිය දුර නැති ලඟ තැනක් තියෙනවා කබරගල කියලා මොකද කියන්නේ?  සෙනසුරාදා නම් බෑ බන් ඉරිදා යමුද,  දහම් අයියාගෙන් ඒ වගේ පිළිතුරක් බලාපොරොත්තු වුනේම නෑ. මොකද අහන අහන හැමවේලේම එසයිමන්ට් තියෙනවා කියාගත්ත ගමන්මයිනේ😜😁🤭 . අහ් අයියා එහෙනම් ඉරිදා අනිවා යන් කියාගෙන මම ඔෆිස් එකට එනගමන් දෙනුවන් අයියාට කොල් එකක් ගත්තේ ෆ් ‍ රී නම් අනිවා නෑ බෑ නොකියා එන හින්දයි🤗✌ දැනට 2යි, තව දෙතුන් දෙනෙක් ගමනට සෙට් කරගන්න බැලුවත් හරිගියේ නෑ. නාවලපිටියට ගිහින් යනවද🤔, ගම්පොලට ගිහින් යනවද🤔 කියලා හිත හිතා දෙසැම්බර් 14 සිකුරාදා හවස ගෙදර යන්න 120 බස් එකට නැග්ගේ ඉක්මනට පිටකොටුවට ගිහින් නුවර බස් එකට ගොඩවෙන්න හිතාගෙන. මෙන්න Accounts එකේ අචිනි නංගි බස් එකේ ඉන්නවා! දැක්ක ගමන් මතක් වුනේ මේ...