Skip to main content

About Me - මං ගැන

මං ගැන කතා කරන්න කලින් මේ බ්ලොගර් එක ගැන කියලා ඉන්නම්. සයික්ගේ දිනපොත එහෙමත් නැත්නම්  sycdiaries කියන දේ පටන් ගන්නේ 2020 වගේ හිතුන සිතුවිල්ලකට සහ අත්හදා බැලීමකට අනුව. සාමාන්‍යයෙන් මිනිස්සු වයසට යනකොට තරුණ අවධියේදී කරපු කියපු දේවල් කිරීමට, අලුත් අලුත් දේවල් අත්හදා බැලීමට ඇති හැකියාව අඩුවෙනවා කියන එක අපි හැමෝම දන්න කාරණයක් නේ. ඉතින් වයසට ගිහින් ගමනක් බිමනක් යාමට නොහැකිව එක්තැන්වෙලා ඉන්න වුන කාලෙක අතීතයේ කල කී දෑ නැවත ආවර්ජනය කර ගැනීම උදෙසා වර්තමානයේ කරන ආයෝජනයක් විදිහට මෙය මම හදුන්වන්නම්.

මම ගැන කිව්වොත් මගේ නම මිරංග බණ්ඩාර, පදිංචිය පැණිදෙනිය (පේරාදෙණිය, මහනුවර). කොළඹ වැඩ කරන උදේ හවස දුම්රියේ වැඩට යන එන, කැලැන්ඩරේ රතුපාටින් නිවාඩුවක් සලකුණු වෙලා තියෙන දවසක් පේන්න බැරි ඒ දවසට කොහෙ හරි යන්න හිතෙන ට්‍රැවල් උණ තියෙන එකෙක් කියලා කිව්වොත් නිවැරදියි. 

බ්ලොගර් එක කොටස් දෙකකින් සමන්විතයි.

01 - Travel Diaries - සංචාරක දිනපොත - මෙන්න මේකේ ගොඩක් දුරට ලියවෙන්නේ බයික් එකේ ගියපු, කදු නැගපු, දුම්රියේ ගියපු, කෑම්පින්ග් වල සිදුවුන අමතක නොවන අත්දැකීම්. සරලවම කිව්වොත් ගියපු ට්‍රිප් පාදක කරගෙන ලියවෙන දේවල්.

02 - Daily Diaries - දෛනික දිනපොත - මෙන්න මේකේ ගොඩක් දුරට ලියවෙන්නේ එදිනෙදා ජීවිතයේ මුහුන දෙන මතක හිටින සිදුවීම් සහ දෛනික දුම්රිය ගමනාගමනයේදී මුහුන දෙන මතක හිටින සිදුවීම් පාදක කරගෙන ලියවෙන දේවල්.

මං මේකේ ලියන්නේ මං ගියපු ගමනක අත්විදපු අත්දැකපු දේවල්. ඒ නිසා ඒ දේවල් තමන් දරණ මතයට විරුද්ධ වීමට ඉඩ තියෙනවා. හැමදේම සාපේක්‍ෂ ලෝකයක පොඩි දෙයටත් ට්‍රිගර් නොවී, කියවලා ආතල් එකක් ගන්න කියලා ඉල්ලා සිටිනවා. ස්තූතියි.


Comments

Popular posts from this blog

මීයන් ඇල්ල - ඉහළකෝට්ටේ

ඉක්මනට යමන් යකෝ කෝච්චිය ගිහින්ද දන්නෙත් නෑ මචන් තඩියා ඉහලකෝට්ටේ ස්ටේශමට ටිකට් දෙකයි, පේරාදෙණියට එකයි බන්...  මොකටද බන් පේරාදෙණියට ටිකට් ගන්නේ? ඇයි බන් මට සීසන් එක තියෙනවානේ   අපි කතාවෙනවා අහගෙන හිටපු දුම්රිය ස්ථානාධිපති තුමා මල්ලී ආයේ කෝච්චියක් තියෙන්නේ 10.30ට *** උ දෑසන 6.30ට දුම්රිය පිටත් වෙනවා කියලා හිතාගෙන හිටපු අපි ගිය පයින්ම ආපසු සලික්ගේ ගෙදරට හනි හනිකට ආවේ බයික් වලින් හරි ගමන යන්න ඕනේ කියලා හිතාගෙන. ගෙදරට ගොඩවුන අපි ඒ කියන්නේ මම සහ සලික් වැඩිපුර හෙල්මට් එකකුත් අරගෙන පහලට ආවේ සංජීව අයියට අනික් හෙල්මට එක විසිකරන ගමන්. කොහොමහරි 6.50ට විතර අපි බයික් වලින් පිටත් වුනේ ඉක්මනටම ඉහළකෝට්ටේ බලා යන අරමුණ පෙරදැරි කරගෙන. ඔය අතර වාරේ මහේෂ් එකදිගට දුරකථන ඇමතුම් ගණනාවක් ලබාදුන්නේ අපි ඒ කියන්නේ මම, සංජිව අයියා සහ සලික් ඉහළකොට්ටේ බලා එනවද කියලා තහවුරු කරගන්නා අටියෙන්. *** අ හ් මේ තියෙන්න මෙතනින් තමයි එහෙනම් උඩට යන්න තියෙන්නේ  සලික් උබ ඉස්සෙල්ලාම නැගපන් ඒ මචන් පොඩ්ඩක් හිටපන් අරුන් ටික පහලට එනවා. උන් ටික ආවට පස්සේ අපි යමු   පළවෙනියට සලික් ද, දෙවනුව සංජීව අයියා ද, තෙවනුව මහෙශ් ද අ...

කැලෑබොක්ක

2021 නොවැම්බර් 06. රාත්‍රී 10.24 | නිවස, පැනිදෙණිය මුහුණු පොතේ මැසෙන්ජර් තුලින් චානක අයියා තැබූ පණිවිඩය අහම්බෙන් නෙත ගැටුනු මා එසැනින්ම දුරකතන ඇමතුමක් ගත්තෙමි. හලෝ චානක අයියේ, ඔයා මැසේජ් එකක් දාලා තියෙනවා දැකපු ගමන්ම කෝල් එක ගත්තේ. අයියේ අපි හෙට කොහෙද යන්නේ. මම එනවා කිසිම අවුලක් නෑ.. චානක අයියාට කතා කිරීමටවත් ඉඩක් නොතියාම මම එසේ කියවන්නට වුනෙමි. සාවධානව අසාගෙන සිටි චානක අයියාගෙන් ලැබුන පිළිතුර වූයේ මල්ලී අපි හෙට බඹරකිරි ඇල්ල බලන්න යන්න හිතාගෙන ඉන්නේ. ඔයා යන්න එනවද? අකලංකත් එන්නම් කිව්වා. ඔයා එනවා නේ!!! ලද අවසරයෙන්ම මම ගමනට සහභාගී වෙන බව තහවුරු කළ මා එතැන් සිට මෝටර් බයිසිකලය පිළිබදව විස්තර කතාබස් කරන්නට වීමි. දුරකතන සංවාදය අවසන් වූ සැනින්ම ඉහළ මහලට ගොස් අම්මාට මම හෙට ටුවර් (Bike Tour) එකක් යන බව පවසා ඒ සදහා අවසර ලබාගතිමි. කෙසේ හෝ රාත්‍රී 11.15 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ගමන් මග පිලිබද විස්තර ගූගල් මැපස් තුලින් සොයන්නට වීමි. ගමනට අවශ්‍ය ආම්පන්න ලැහැස්ති කොට ඇදට වැටුනේ නිදා ගැනීම උදෙසාය... අහෝ නිදි දෙව්දුව නම් අහලකවත් නැත !!! 2021 නොවැම්බර් 07. උදෑසන 6.00 | නිවස, පැනිදෙණිය ...

කබරගල කන්ද තරණය

FB එකේ දැක්ක පෝස්ට් එකකට අනුව කවදාහරි යන්නම ඕනේ කියලා හිතුන තැනක් තමයි කබරගල😍. කොහොමහරි මම 2018 දෙසැම්බර් 13 වෙනිදා තියෙන දරේ අයියාගෙයි තුශාරා අක්කගෙයි වෙඩින් එකට යන විදිහ කතා කරගන්න දහම් අයියලාගේ බ් ‍ රාන්ච් එකට ගියා🤔. කොහොමහරි ඒ වැඩටිකත් කතා කරගෙන නිකමට වගේ දහම් අයියාගෙන් ඇහුවා  යමුද මේ සතියේ ට් ‍ රිප් එකක්. වැඩිය දුර නැති ලඟ තැනක් තියෙනවා කබරගල කියලා මොකද කියන්නේ?  සෙනසුරාදා නම් බෑ බන් ඉරිදා යමුද,  දහම් අයියාගෙන් ඒ වගේ පිළිතුරක් බලාපොරොත්තු වුනේම නෑ. මොකද අහන අහන හැමවේලේම එසයිමන්ට් තියෙනවා කියාගත්ත ගමන්මයිනේ😜😁🤭 . අහ් අයියා එහෙනම් ඉරිදා අනිවා යන් කියාගෙන මම ඔෆිස් එකට එනගමන් දෙනුවන් අයියාට කොල් එකක් ගත්තේ ෆ් ‍ රී නම් අනිවා නෑ බෑ නොකියා එන හින්දයි🤗✌ දැනට 2යි, තව දෙතුන් දෙනෙක් ගමනට සෙට් කරගන්න බැලුවත් හරිගියේ නෑ. නාවලපිටියට ගිහින් යනවද🤔, ගම්පොලට ගිහින් යනවද🤔 කියලා හිත හිතා දෙසැම්බර් 14 සිකුරාදා හවස ගෙදර යන්න 120 බස් එකට නැග්ගේ ඉක්මනට පිටකොටුවට ගිහින් නුවර බස් එකට ගොඩවෙන්න හිතාගෙන. මෙන්න Accounts එකේ අචිනි නංගි බස් එකේ ඉන්නවා! දැක්ක ගමන් මතක් වුනේ මේ...