Skip to main content

කැලෑබොක්ක

2021 නොවැම්බර් 06. රාත්‍රී 10.24 | නිවස, පැනිදෙණිය

මුහුණු පොතේ මැසෙන්ජර් තුලින් චානක අයියා තැබූ පණිවිඩය අහම්බෙන් නෙත ගැටුනු මා එසැනින්ම දුරකතන ඇමතුමක් ගත්තෙමි.

හලෝ චානක අයියේ, ඔයා මැසේජ් එකක් දාලා තියෙනවා දැකපු ගමන්ම කෝල් එක ගත්තේ. අයියේ අපි හෙට කොහෙද යන්නේ. මම එනවා කිසිම අවුලක් නෑ..

චානක අයියාට කතා කිරීමටවත් ඉඩක් නොතියාම මම එසේ කියවන්නට වුනෙමි. සාවධානව අසාගෙන සිටි චානක අයියාගෙන් ලැබුන පිළිතුර වූයේ

මල්ලී අපි හෙට බඹරකිරි ඇල්ල බලන්න යන්න හිතාගෙන ඉන්නේ. ඔයා යන්න එනවද? අකලංකත් එන්නම් කිව්වා. ඔයා එනවා නේ!!!

ලද අවසරයෙන්ම මම ගමනට සහභාගී වෙන බව තහවුරු කළ මා එතැන් සිට මෝටර් බයිසිකලය පිළිබදව විස්තර කතාබස් කරන්නට වීමි. දුරකතන සංවාදය අවසන් වූ සැනින්ම ඉහළ මහලට ගොස් අම්මාට මම හෙට ටුවර් (Bike Tour) එකක් යන බව පවසා ඒ සදහා අවසර ලබාගතිමි. කෙසේ හෝ රාත්‍රී 11.15 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ගමන් මග පිලිබද විස්තර ගූගල් මැපස් තුලින් සොයන්නට වීමි. ගමනට අවශ්‍ය ආම්පන්න ලැහැස්ති කොට ඇදට වැටුනේ නිදා ගැනීම උදෙසාය... අහෝ නිදි දෙව්දුව නම් අහලකවත් නැත!!!

2021 නොවැම්බර් 07. උදෑසන 6.00 | නිවස, පැනිදෙණිය

පෙර දින රාත්‍රියේ ජංගම දුරකතනයේ තැබූ එලාම් හඬ නද දෙන්නට විය. විගස ඇදෙන් බැසගත් මම එය විසන්ධි කර අකලංක අයියා වෙත පණිවිඩයක් තැබුවෙමි. එවිටත් පොද වැස්සක් පතිතවෙමින් තිබිනි. කෙසේ හෝ වැස්ස අඩුවෙන තුරු සිටි මා උදෑසන 7.30 පමණ වනවිට ඇගපත සෝදාගෙන ගමන් සගයන්ගෙන් පණිවිඩයක් ලැබෙන තෙක් නොඉවසිල්ලෙන් පසුවුනෙමි. 7.45ට පමණ චානක අයියාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබුනත් අකලංක අයියාගෙන් නම් ලැබුනේ ඊට හාත්පසින්ම වෙනස් පිළිතුරකි. කෙසේ හෝ චානක අයියා නම් පැවසුවේ

මල්ලී එහෙනම් වැස්ස පායලා තියෙන අතරේ අපි දෙන්නාවත් යමුද?

එයට එසැනින්ම කැමති වුන මා චානක අයියා පැවසූ වෙලාව වෙනතෙක් නොඉවසිල්ලෙන් පසූවුනෙමි.

2021 නොවැම්බර් 07. උදෑසන 9.00 | නිවස, පැනිදෙණිය

ගමනට දැන් සියල්ල සූදානම්. අවශ්‍ය කළමනා ටික මෝටර් බයිසිකලයේ ගැටගසාගත් මම දෙමාපියන් නැමැද ගෙදරින් පිටත් වුනෙමි. පළමු ගමනාන්තය වූයේ මුල්ගම්පොල ලාෆ් ඉන්ධන පිරවුම්හලයි. මෝටර් බයිසිකලය සඳහා අවශ්‍ය පරිදි ඉන්ධන ලබාගත් මාගේ දෙවැනි නැවතුම වූයේ මාගේ අතිජාත මිත්‍රයා වූ සලික්ගේ කඩයයි. එතැන විනාඩි කිහිපයක් ගතකල මා නැවතත් පිටත් වූයේ අරුප්පොල කාර්මික විද්‍යාලය වෙතය. එතැනට පැමිණි විනාඩි කිහිපයකින් චානක අයියාද පැමිනි අතර දෙදෙනාගෙ මීළග ගමනාන්තය වූයේ පොල්ගොල්ල වේල්ල වෙතය. එහි අපි මෝටර් බයිසිකල් නතර කලේ, චායාරූප කිහිපයක් ගැනීමටය.

එතැනින් ගමන් ඇරඹූ අප දෙදෙනා මඩවල, වෑවින්න, පන්විල හරහා කටුගස්තොට - මඩවල - බඹරැල්ල මාර්ගය ඔස්සේ හාතලේ නගරය හරහා මඩුල්කැලේ හන්දිය දෙසට ගියෙමු. එතැන් සිට මඩුල්කැලේ - කබරගල - කන්දේනුවර මාර්ගය දෙපස පිහිටි හරිත පැහැයෙන් යුක්තවූ මනස්කාන්ත පරිසරය විදිමින් ඉදිරියට ඇදුනෙමු.

            කැලෑබොක්ක වෙත යන අදහසක් පෙර දින රාත්‍රියේ සැලසුම් කළ ගමන් මගෙහි ඇතුලත් කොට නොතිබිනි. වාසනාවකට හෝ අවාසනාවකට අපහට විශේෂයෙන්ම චානක අයියාට කැලෑබොක්ක යාමට සිතිනි. කෙසේ හෝ චානක අයියාට එහි යෑමට සිතීම නිසා මාහටද එම සුන්දර මෙන්ම ත්‍රස්‍යජනක අත්දැකීම විඳගන්න අවස්ථාව උදාවිය.

2021 නොවැම්බර් 07. උදෑසන 11.30 | මඩුල්කැලේ - කබරගල - කන්දේනුවර මාර්ගය, මඩුල්කැලේ

කැලෑබොක්ක

ගමන පටන් ගැනීමට මත්තෙන් චානක අයියා මා දැනුවත් කලේ අපි යෑමට සූදානම් වන මාර්ගය මුලුමනින්ම පාහේ අබලන් වී ඇති බවය. එක්සාර් (XR250) ගත්තේ එවැනි මාර්ගවල ධාවනයට බැවින් සහ එවැනි අත්දැකීමක් විදගන්නට අවැසි වූ බැවින් මා ද එයට එකහෙලාම කැමති විය. පටන් ගැන්ම නම් කිසිම ප්‍රශ්නයක් නැති හැඩයි. වැඩි වේලවක් ගතවීමට මත්තෙන් මාර්ගයේ අබලන් ස්වභාවය මතුවන්නට විය. චානක අයියානම් කිසිම් අපහසුවකින් තොරවම ඉදිරියට ඇදෙන්නට විය. මා ඉබි ගමනිනි. කෙසේ හෝ මෝටර් බයිසිකලය බිම වැටෙන්නට නොදී අපේ භාශාවෙන් නම් “ බයික් එක බිම හලා ගැනීමකින් තොරව” පැදගෙන යාමට මම සමත්වුනෙමි.

පසෙකින් ඝන මීදුමද, මාර්ගයේ වූ රලු ස්වභාවයද මා සිතෙහි ත්‍රාසය, කුතුහලය, අධිෂ්ඨානය බිදෙන් බිදෙන් වැඩිකරන්නට සමත්විනි. වචනයෙන් විස්තර කල නොහැකි මට්ටමේ පුදුමාකාර ලස්සනක් ඉහත කී මීදුම පරිසරයට එක්කරන්නට විය. විටෙක දිය පහර මතින් ද, විටෙක වැලි තට්ටු මතින් ද, විටෙක සේදී යාමට ලක්වූ මාර්ගයන් මතින්ද මා හා චානක අයියා කෙමෙන් කෙමෙන් කැලෑබොක්ක අංශක 360° වපසරියකින් යුතු වූ නැරඹුම වෙත ලගාවිය.

මද වේලාවක් එහි ගතකල අපි දෙදෙනා දිවා ආහාරය ලෙස චානක අයියා රැගෙන විත් තිබුනු පාන් පෙති කිහිපයක් ආහාරයට ගත්තෙමු. චානක අයියාගේ මෝටර් බයිසිකලයේ සයිඩ් ස්ටෑන්ඩ් (side stand) එකේ ඇතිවුන සුළු කාර්මික දෝශය නිසා අපි බඹරකිරි ඇල්ල නැරඹීමට තිබූ අදහස අතහැරියෙමු. නැවත මඩුල්කැලේ දෙසට නෑවිත් ඇල්කඩුව දෙසට යාමට අපි තීරණය කලෙමු. 

2021 නොවැම්බර් 07. දහවල් 1.00 | මඩුල්කැලේ - කබරගල - කන්දේනුවර මාර්ගය, පිටකන්ද

පිටකන්ද දිය ඇල්ල

එම මනස්කාන්ත මාර්ගය දිගෙහි ධාවනයේ යෙදුනු අප දෙදෙනා පිටකන්ද තේ වතුයාය ආරම්භ වන ස්ථානයේ පිහිටි පුවරුව අද්දර (Pitakanda Peak) මෝටර් බයිසිකල් යුගලය නතර කලෙමු. ගෙදරින් රැගෙන විත් තිබූ කේක් කෑලි දෙකක් අපි දෙදෙනා අවට සිරි නරඹමින් අනුභව කලෙමු. මද වේලාවක් එහි රැදෙමින් සිහිවටන ලෙස චායාරූප කිහිපයක් ගත් අපි ඊළග ගමනාන්තය වූ පිටකන්ද දිය ඇල්ල වෙත ගමන් ඇරඹුවෙමු. දෙව්ලොවක් බදුවූ මේ මාර්ගය ගැන නම් වචනයෙන් විස්තර කල නොහැකි තරම්ය. යනෙන මගෙහි විටෙක වම්පසින් ක්ශිතිජය දක්වා දිවෙන මනස්කාන්ත හරිත පැහැයෙන් යුක්ත වන කදු පංතිද, විටින් විට මුළු පෙදෙසම වසාගන්නා මීදුමද, දකුණු පසින් ඉහල සිට පහළට කඩා හැලෙනා ජල ධහරාවන් ද නිතැතින්ම මවාපෑවේ ස්වභාවධර්මයේ අපූර්වතම වූ  සුන්දරත්වයයි.

2021 නොවැම්බර් 07. දහවල් 2.30 | චානක අයියාගේ නිවස, අරුප්පොල

කෙමෙන් කෙමෙන් ඇල්කඩුව වෙත ළගාවුන අපි දෙදෙනා වත්තේගම, මඩවල, අමුණුගම, සිරිමල්වත්ත, අරුප්පොල වෙත ළගාවුනෙමු. අරුප්පොලින් චානක අයියාගෙන් සමුගත් මම සුපුරුදු පරිදි සලික්ගේ කඩය වෙත ගියෙමි. ගමන පිලිබඳ විස්තර කතා කරමින් සිටින විට මහ වැස්සක පෙරනිමිති මතුවෙන්නට පටන් ගන්නට විය. ලහි ලහියේ මෝටර් බයිසිකලයට ගොඩවෙනවාත් සමගම ඇදහැලෙමින් තිබූ පොද වැස්ස මහ වැස්සක් බවට පත්වී ඇද හැලෙන්නට විය. සලික්ගෙන් සමුගත් මම වැස්සේම නිවස බලා ගමන් ඇරඹුවෙමි. 

නිමි.

චාරිකාවට අදාල වීඩියෝ පටය සහ චායාරූප 👇👇👇




චානක අයියා සහ මම පොල්ගොල්ල වේල්ල මත

චානක අයියා පොල්ගොල්ල වේල්ල මත

වෑවින්න සහ පන්විල අතර

වෑවින්න සහ පන්විල අතර

වෑවින්න සහ පන්විල අතර

වෑවින්න සහ පන්විල අතර

මඩුල්කැලේ කැලෑබොක්ක අතර

චානක අයියා කැලෑබොක්ක යන අතරමග

කැලෑබොක්ක යන අතරමග

මම කැලෑබොක්ක යන අතරමග

කැලෑබොක්ක යන අතරමග

කැලෑබොක්ක යන අතරමග

මීදුමෙන් වැසුනු කැලෑබොක්ක නැරඹුම් ස්ථානය

චානක අයියා සහ මම මීදුමෙන් වැසුනු කැලෑබොක්ක නැරඹුම් ස්ථානයේදී

මම මීදුමෙන් වැසුනු කැලෑබොක්ක නැරඹුම් ස්ථානයේදී

කැලෑබොක්ක සිට නැවත ප්‍රධාන මාර්ගය දක්වා එන අතරමග

කැලෑබොක්ක සිට නැවත ප්‍රධාන මාර්ගය දක්වා එන අතරමග

කැලෑබොක්ක සිට නැවත ප්‍රධාන මාර්ගය දක්වා එන අතරමග

කැලෑබොක්ක සිට නැවත ප්‍රධාන මාර්ගය දක්වා එන අතරමග

මම කැලෑබොක්ක සිට නැවත ප්‍රධාන මාර්ගය දක්වා එන අතරමග

මම කැලෑබොක්ක සිට නැවත ප්‍රධාන මාර්ගය දක්වා එන අතරමග

කැලෑබොක්ක සිට නැවත ප්‍රධාන මාර්ගය දක්වා එන අතරමග

මම කැලෑබොක්ක සිට නැවත ප්‍රධාන මාර්ගය දක්වා එන අතරමග

පිටකන්ද පීක් (Pitakanda Peak) අසල

පිටකන්ද පීක් (Pitakanda Peak) අසල

චානක අයියා සහ මම පිටකන්ද පීක් (Pitakanda Peak) අසල

පිටකන්ද දිය ඇල්ල අසල  

පිටකන්ද දිය ඇල්ල අසල

Comments

Popular posts from this blog

කබරගල කන්ද තරණය

FB එකේ දැක්ක පෝස්ට් එකකට අනුව කවදාහරි යන්නම ඕනේ කියලා හිතුන තැනක් තමයි කබරගල😍. කොහොමහරි මම 2018 දෙසැම්බර් 13 වෙනිදා තියෙන දරේ අයියාගෙයි තුශාරා අක්කගෙයි වෙඩින් එකට යන විදිහ කතා කරගන්න දහම් අයියලාගේ බ් ‍ රාන්ච් එකට ගියා🤔. කොහොමහරි ඒ වැඩටිකත් කතා කරගෙන නිකමට වගේ දහම් අයියාගෙන් ඇහුවා  යමුද මේ සතියේ ට් ‍ රිප් එකක්. වැඩිය දුර නැති ලඟ තැනක් තියෙනවා කබරගල කියලා මොකද කියන්නේ?  සෙනසුරාදා නම් බෑ බන් ඉරිදා යමුද,  දහම් අයියාගෙන් ඒ වගේ පිළිතුරක් බලාපොරොත්තු වුනේම නෑ. මොකද අහන අහන හැමවේලේම එසයිමන්ට් තියෙනවා කියාගත්ත ගමන්මයිනේ😜😁🤭 . අහ් අයියා එහෙනම් ඉරිදා අනිවා යන් කියාගෙන මම ඔෆිස් එකට එනගමන් දෙනුවන් අයියාට කොල් එකක් ගත්තේ ෆ් ‍ රී නම් අනිවා නෑ බෑ නොකියා එන හින්දයි🤗✌ දැනට 2යි, තව දෙතුන් දෙනෙක් ගමනට සෙට් කරගන්න බැලුවත් හරිගියේ නෑ. නාවලපිටියට ගිහින් යනවද🤔, ගම්පොලට ගිහින් යනවද🤔 කියලා හිත හිතා දෙසැම්බර් 14 සිකුරාදා හවස ගෙදර යන්න 120 බස් එකට නැග්ගේ ඉක්මනට පිටකොටුවට ගිහින් නුවර බස් එකට ගොඩවෙන්න හිතාගෙන. මෙන්න Accounts එකේ අචිනි නංගි බස් එකේ ඉන්නවා! දැක්ක ගමන් මතක් වුනේ මේ...

මීයන් ඇල්ල - ඉහළකෝට්ටේ

ඉක්මනට යමන් යකෝ කෝච්චිය ගිහින්ද දන්නෙත් නෑ මචන් තඩියා ඉහලකෝට්ටේ ස්ටේශමට ටිකට් දෙකයි, පේරාදෙණියට එකයි බන්...  මොකටද බන් පේරාදෙණියට ටිකට් ගන්නේ? ඇයි බන් මට සීසන් එක තියෙනවානේ   අපි කතාවෙනවා අහගෙන හිටපු දුම්රිය ස්ථානාධිපති තුමා මල්ලී ආයේ කෝච්චියක් තියෙන්නේ 10.30ට *** උ දෑසන 6.30ට දුම්රිය පිටත් වෙනවා කියලා හිතාගෙන හිටපු අපි ගිය පයින්ම ආපසු සලික්ගේ ගෙදරට හනි හනිකට ආවේ බයික් වලින් හරි ගමන යන්න ඕනේ කියලා හිතාගෙන. ගෙදරට ගොඩවුන අපි ඒ කියන්නේ මම සහ සලික් වැඩිපුර හෙල්මට් එකකුත් අරගෙන පහලට ආවේ සංජීව අයියට අනික් හෙල්මට එක විසිකරන ගමන්. කොහොමහරි 6.50ට විතර අපි බයික් වලින් පිටත් වුනේ ඉක්මනටම ඉහළකෝට්ටේ බලා යන අරමුණ පෙරදැරි කරගෙන. ඔය අතර වාරේ මහේෂ් එකදිගට දුරකථන ඇමතුම් ගණනාවක් ලබාදුන්නේ අපි ඒ කියන්නේ මම, සංජිව අයියා සහ සලික් ඉහළකොට්ටේ බලා එනවද කියලා තහවුරු කරගන්නා අටියෙන්. *** අ හ් මේ තියෙන්න මෙතනින් තමයි එහෙනම් උඩට යන්න තියෙන්නේ  සලික් උබ ඉස්සෙල්ලාම නැගපන් ඒ මචන් පොඩ්ඩක් හිටපන් අරුන් ටික පහලට එනවා. උන් ටික ආවට පස්සේ අපි යමු   පළවෙනියට සලික් ද, දෙවනුව සංජීව අයියා ද, තෙවනුව මහෙශ් ද අ...

තෙල්දෙණිය යටවුන නගරය

ජූනි මාසේ 8 වෙනිදා තමයි මේ ගමන යන්න කට්ටියව සෙට් කරගන්න පුලුවන් වුනේ 🤔😜 . බ්‍රහස්පතින්දා ඒ කියන්නේ ජූනි මාසේ 6 වෙනිදා සුපුරුදු විදිහට හවස බෝඩිමට යන වෙලාවේ සලික්‍ට කෝල් එකක් ගත්තා 😹 . “ මේ ඕයි කාලෙකින් කොහෙවත් යන්නත් බැරි වුනා නේ බන් 😜😂 . මේ සතියේ යමන්ද වික්ටෝරියා ජලාශයට යටවුන පරණ තෙල්දෙණිය නගරය බලන්න 😁 . දැන් වැස්සත් නෑ අනික ජලාශය හිදිලා තියෙන්නේ . උදේම යමු නේ බන් 🤔😁😃 . “ හරි හරි යමන් මම එන්නම් බන් . අඩේ අනිවා යමන් හරිද 🤭😂 , මොකද ගිය පාර අපි එනකොට පාලම ළඟට යන්නත් බැරි වුනා නේ 🙉😂 මේ කෝකටත් කට්ටියගෙන් අහපන් ” කොහොම හරි සලික්ව සහ අශේන්ව  ගමනට කැමති කරවා ගන්න පුළුවන් වුනා 😁✌ ගමනට කලින් දවසේ , ඒ කියන්නේ ජූනි 7 වැනිදා කසුන් , ඩිලාන් , ශාසා.... කට්ටියම ඉන්න වට්ස් ඇප් ගෲප් එකට මැසේජ් එකක් දැම්මේ ගමන යන්න තව කවුරු හරි එකතු කරගන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසා 🤔😉 . ගොඩ දෙනෙක් නැතිවුනත් කසුන් සහ ඩිලාන් නම් එකපාරටම ගමන යන්න කැමති වුනා 😃✌ ️ .  ප්ලෑන් කරපු වෙලාවටම නම් යන්න බැරිවුනා මොකද ගෙදරට ක්ලාස් යනවා කියලා ආව උන් දෙන්නෙක්ම හිටියා නේ... 😂😂😂 කොහොම හරි ...