ඉක්මනට යමන් යකෝ කෝච්චිය ගිහින්ද දන්නෙත් නෑ
මචන් තඩියා ඉහලකෝට්ටේ ස්ටේශමට ටිකට් දෙකයි, පේරාදෙණියට එකයි බන්...
මොකටද බන් පේරාදෙණියට ටිකට් ගන්නේ?
ඇයි බන් මට සීසන් එක තියෙනවානේ
අපි කතාවෙනවා අහගෙන හිටපු දුම්රිය ස්ථානාධිපති තුමා
මල්ලී ආයේ කෝච්චියක් තියෙන්නේ 10.30ට
***
උදෑසන 6.30ට දුම්රිය පිටත් වෙනවා කියලා හිතාගෙන හිටපු අපි ගිය පයින්ම ආපසු සලික්ගේ ගෙදරට හනි හනිකට ආවේ බයික් වලින් හරි ගමන යන්න ඕනේ කියලා හිතාගෙන. ගෙදරට ගොඩවුන අපි ඒ කියන්නේ මම සහ සලික් වැඩිපුර හෙල්මට් එකකුත් අරගෙන පහලට ආවේ සංජීව අයියට අනික් හෙල්මට එක විසිකරන ගමන්. කොහොමහරි 6.50ට විතර අපි බයික් වලින් පිටත් වුනේ ඉක්මනටම ඉහළකෝට්ටේ බලා යන අරමුණ පෙරදැරි කරගෙන.
ඔය අතර වාරේ මහේෂ් එකදිගට දුරකථන ඇමතුම් ගණනාවක් ලබාදුන්නේ අපි ඒ කියන්නේ මම, සංජිව අයියා සහ සලික් ඉහළකොට්ටේ බලා එනවද කියලා තහවුරු කරගන්නා අටියෙන්.
***
අහ් මේ තියෙන්න මෙතනින් තමයි එහෙනම් උඩට යන්න තියෙන්නේ
සලික් උබ ඉස්සෙල්ලාම නැගපන්
ඒ මචන් පොඩ්ඩක් හිටපන් අරුන් ටික පහලට එනවා. උන් ටික ආවට පස්සේ අපි යමු
පළවෙනියට සලික් ද, දෙවනුව සංජීව අයියා ද, තෙවනුව මහෙශ් ද අවසානයේදී මමද ඒ ගුහාවට ඇතුලුවුනා. බෑවුම් සහිත සහ කාලාන්තරයක් තිස්සේ එක්රැස්වුන නොදැවුන ඩීසල් දුම්ද, දූවිලිද පිරුණු ඒ ගුහාව තුලින් මීයන් ඇල්ල අද්දරට අපි ගමන් කලෙමු. පලමුව නැමීගෙන ගමන් කරන්නට සිදුවුවත් ටිකෙන් ටික ගුහාවේ උස වැඩිවෙන්නට පටන්ගත් නිසාවෙන් අපි හතරදෙනාට කිසිම අපහසුවකින් තොරවම හිටගෙන ගමන් කිරීමට හැකියාවක් ලැබුනි. වචනයෙන් විස්තර කළ නොහැකි මට්ටමේ අමුතුම අත්දැකීමක් ජීවිතයට එකතු කරගනිමින් අපි හතරදෙනා මීයන් ඇල්ල පාමුලට ළගා වුනෙමු.
***
හනි හනිකට මාවනැල්ල බලා පිටත්වුන අපි තිදෙනා, හිඟුල පාලම කිට්ටුවෙන් දකුණට බයිසිකල් දෙක හැරවුවෙමු. ඕවවත්ත පාර දිගේ තවත් කිලොමීටර 9.5 කට ආසන්න දුරක් යාමට තිබේ. කිලෝමීටර 3ක් විතර ගියාට පසු හමුවෙන රන්දිවෙල හන්දියෙන් බයිසිකල් දෙක දකුණට හරවපු අපි මාකෙහෙල්වල හන්දිය දක්වා තවත් කිලෝමීටර 3ක් පමන ගියෙමු. මාකෙහෙල්වල හන්දියේ සිට තවත් ඇත්තේ කිලෝමීටර 3.3ක් විතර බව ගූගල් මැප්ස් අධ්‍යයනයෙන් අපි අවබෝධ කරගතිමු. සිත් ඇදගන්නා සුලු මට්ටමේ ගැමි පාරක් කිව්වොත් නිවැරදියි. අන්තිමේදි මහෙශ්ට කලියෙන් ඉහළකොට්ටේ දුම්රිය ස්ථානයට අපි තිදෙනා ළගා වුනෙමු.
මෙතක්වෙලා බඩගින්න ඉවසාගෙන සිටි සංජීව අයියා තමාගේ ඉවසීමේ සීමාව ඉක්මවා යෑම නිසා එක්වනම
මට නම් බඩගිනී මොනවාහරි කමු ද?
මාමා අපිට මේ තියෙන බිත්තර බනිස් තුනක් දෙන්නකෝ !!! තේ බොනවද කහට එකක් බොනවද
සලික් ඇසූ පැනයට පිළිතුරු දුන් අප අවසානයේ බිත්තර බනිස් කා කහට කෝප්පයක් බීමට එකඟ වුනෙමු. මේ අතරවාරයේ මහේෂ් ද පැමිනියේය. ඔහුද කැටුව හොද හැටි කුස පුරවාගත් අපි හතරදෙනා පළමුව ඉහළකොට්ටෙ දුම්රිය ස්ථානයේ ඇති කාලසටහන අධ්‍යයනය කිරීමට පිටත් වුනෙමු.
දැන්නම් බිංගෙය ඇතුලට යන එක භයානකයි මචන් අපි ඉස්සෙල්ලාම වටෙන් ගිහින් ඇල්ල බලලා පොටෝ ටිකක් අරගෙන පහලට යන කෝච්චිය ගියාට පස්සේ බිංගෙයට ඇතුලුවෙලා ගුහාව ඇතුලට යමු
ඔව් ඔව් එහෙම කරමු අපිට කොහොමත් වෙලාව තියෙනවා නේ
සංජීව අයියා එහෙම කියනවාත් සමගම මහේෂ්
මේ 11.30ට කලින් එන්න පුලුවන් වෙයි නේ? මට ආපහු යන්න ඕනේ හරිද
කියමින් මැසිවිලි නගන්න පටන්ගත්තා
***
කොහොමහරි පරිසරයේ සුන්දරත්වය විදිමින් ඉදිරියට ඇදුන අපි හතරදෙනා බිංගෙයෙහි අනික් කෙලවර කරා කෙමෙන් කෙමෙන් ළගා වුනෙමු.
යකෝ කාලසටහනේ නැති කෝච්චිත් එනවා නේ බන්!!! මේක අස්සට යන්න නම් බයේ බෑ
බිංගෙයක් ඇතුලේ ඉද්දී කෝච්චියක් එනකොට දැනෙන අත්දැකීම විදගෙනම ගුහාව ඇතුලට යන්ද මහේෂ්
යැයි සංජීව අයියා පැවසුවේ මහේෂ්ව තවත් බිය ගන්වන සිතුවිල්ලෙනි.
මහේෂ්ගේ සිනහා උපදවන සුලු තැතිගැන්මට සිනා සෙමින් කෑලි කැපිය නොහැකි මට්ටමේ අදුරකට අපි හතරදෙනා කෙමෙන් කෙමෙන් පියමන් කළෙමු. ගමන් ගනිද්දි පයෙන් නැගෙන කුඩාම හඬක් පවා ඉතාමත් පැහැදිලිව මෙන්ම ගුප්ත ලෙස අප සවන් ගත විය. විදුලි පන්දමේ ආලෝකය මීටර තුන හතරකට එහා විහිදෙන්නේ නැත. ඒ තරම් ඝන අඳුරක් ඒ බිංගෙය තුල විය. නගන ශබ්ද ගුප්ත බවකින් යුක්තව දෝංකාර දෙන්නට විය. එසේම ඒ තුල වායුගෝලීය පීඩනය දැඩි බවකින් ද එතුල ඇති වාතය ගුප්ත සිසිලසකින් ද යුක්ත විය. ජීවිතයේ කෙදිනක හෝ විඳිය යුතුම මට්ටමේ අත්දැකීමක් විඳිමින් විනාඩි පහ හයක් පමණ අපි ඉදිරියටම ඇවිද ගියෙමු. අවසන අප සොයා පැමිණි ගුහාව අපගේ දැස් මායිමේ දර්ශනය වන්නට විය.
මීයන් ඇල්ල ගැන කෙටියෙන් හැදින්වුවහොත් එය මෙසේ හදුන්වා දෙන්නට පුලුවනි. මීයන් ඇල්ල යනු මිනිසා විසින් කෘතිමව නිර්මාණය කරන ලද දිය ඇල්ලකි. පැරණි විස්තර අනුව මෙය ඉංග්‍රීසීන් විසින් උඩරට දුම්රිය මාර්ගය සකසන අවදියේදී ඉහලකෝට්ටේ බිංගෙය කැනීමට පෙර එයට වටෙන් ඉදිකර තිබූ දුම්රිය මාර්ගයට අධික වර්ශාව පවතින දිනයන් වලදී දුම්රියන්ට අනතුරු කැඳවූ නිසා ඉංග්‍රීසීන් විසීන් මෙය වෙනස් කල බව පැවසේ. කන්ද මුදුනෙන් වැටෙන ජල දහරාව කුඩා වේල්ලක් සාදා මීයන් ඇල්ල දිය ඇළි දෙකක් බවට පත් කලද දුම්රිය අනතුරු අඩු නොවූයෙන් මහ කලුගල විද බිංගෙයක් සෑදීමට ඉංග්‍රීසීන් විසින් කටයුතු කරන ලදි. මේ හා බැදුන තවත් ජනප්‍රවාදයක් ලෙස අනතුරට පත්වුන සහල් දුම්රියක් පහල හෙලට වැටීම නිසා ඒ අවට ගම්වාසීහූ සහල් එකතු කරගෙන ගොස් ඇති අතර ඒ ගම්මානයේ පවුල් වල විසූ නැන්දම්මාවරු ලේලිවරුන්ට ආච්චිට හාල් ගරන්න උදව් කරන්න යැයි සෑම විටම පැවසීම නිසා කටවහරේ එන " ආච්චිට හාල් ගරන්න " යැයි කියමන බිහිවූ බවටද කටකතාවක් පවතී.
 |
සංජීව අයියා - ඉහළකෝට්ටේ බිංගෙය අද්දර
|
 |
සංජීව අයියා
|
 |
| වම්පස සිට පිළිවෙලින් සංජීව අයියා, සලික් සහ මහේෂ් |
 |
සලික්
|
 |
| මීයන් ඇල්ල දෙසට යමින් |
 |
| සංජීව අයියා |
 |
සංජීව අයියා - මීයන් ඇල්ල ඉදිරිපස සිට
|
 |
මහෙෂ් - මීයන් ඇල්ල ඉදිරිපස සිට
|
 |
සලික් - මීයන් ඇල්ල ඉදිරිපස සිට
|
 |
සලික් - බිංගෙය තුල
|
 |
| ගුහාව ඇතුලත |
 |
| සංජීව අයියා - ගුහාව ඇතුලත |
 |
| සංජීව අයියා - ගුහාව ඇතුලත |
 |
මහෙෂ් - පැරණි දුම්රිය මාර්ගයේ පාලම මත
|
 |
| මහෙෂ් - පැරණි දුම්රිය මාර්ගයේ පාලම මත |
 |
| සංජීව අයියා - පැරණි දුම්රිය මාර්ගයේ පාලම මත |
 |
| සංජීව අයියා - පැරණි දුම්රිය මාර්ගයේ පාලම මත |
 |
| සංජීව අයියා, සලික් සහ ගමනේදී හමුවූ මිතුරන් දෙදෙනෙකු සමග - පැරණි දුම්රිය මාර්ගයේ පාලම මත |
 |
මම ගුහාව ඇතුලත සිට - Photoshop මගින් නිර්මානය කළ සේයාරුවක්
|
Comments
Post a Comment