Skip to main content

දෙවනගල පුදබිම

ට මතක විදිහට දිනය 2018 නොවැම්බර් 01,
 "හෙලෝ මචන් උබ මේ සතියේ සෙනසුරාදා මොකක් හරි වැඩක් දාගෙනද බන් ඉන්නේ🤔" නෑ කියපන් මොකක්ද සීන් එක, දෙවනගල යමන්ද🤗" 
"අඩේ බෑබ් බන් දුරයි නේ, පෙට්ට්‍රල් නෑ බන් 😌"

හොම හතර වටෙටම දුරකතන ඇමතුම් ගත්තත් අන්තිමේදී පත්තෑය ඒ කියන්නේ ශාක්‍ය විතරක් ගමන යාමට කැමති කරගන්න පුළුවන් වුනා.💪 කොහොම හරි 2වෙනිදා කලින්ම ඔෆිස් එකෙන් පැනගත්ත මම😁, පුලුවන්තරම් ඉක්මනට ගෙදර එන්න හිතාගෙන හවස 3.35 කොච්චියට ගොඩවුනා. ගෙදර යනගමනුත් කටිටියට දුරකතන ඇමතුම් දුන්නේ බැරිවෙලාවත් හිත වෙනස්වෙලා තිබුනොත් කියලා හිතාගෙන🤔🙄.

කොහොමහරි සිකුරාදා රෑ ගෙදර ගියපු මම බයික් එකත් හොදට සුද්ද කරගෙන සෙනසුරාදා පාන්දර 6ට විතර යන්න ප්ලෑන් කරත් ගෙදරින් යනකොට 6.15යි😁😂. කොහොමහරි ඇඹිල්මීගම හන්දියෙන් පත්තෑයවත් බයික් එකට දාගෙන හැටට හැටේ ඇදල ගියේ තව දවල් වෙන හින්දා. අනික අව්ව සැර වුනොත් දෙවනගල නගින එක එපාවෙන වැඩක්.✌️

කොහොමහරි මාවනැල්ල ටව්මෙන් හෙම්මාතගම පාරට හැරෙව්ව අපි කෝකටත් කියලා ගූගල් මැප්ස් නැවිගේශන් ඔන්කරා😊. තව කිලෝමීටර 6.3... හිතුවට වඩා පාර හොදයි කාපට් කරලා. හිතාගන්නවත් බැරිතරම් ලස්සන පැත්තක්, පාර දෙපැත්තේම කුඹුරු, කොළම කොළ පාට පරිසරයක්😍.කොහොමහරි අපි විනාඩි විස්සක් ඇතුලත දෙවනගල පන්සල් මායිමට ආවෙමු.

දැන් ඉතින් ගල් පොත්ත දිගේ බඩගෑමක් තමයි🤣. බයික් එක ළඟ තිබ්බ ගෙදරක මිදුලේ නවත්වලා පත්තෑයයි මායි දෙවනගල යන්න පටන් ගත්ත. අව්ව සැර ඇති කියලා හිතුවට මොන... පට්ට මීදුමක්,😲 ඒ පලාතම මාරම ලස්සනයි😍. වටේම කඳු පන්ති ගොඩක්. කුරුල්ලන්ගේ කීචි බීචි සද්දේ, ලාවට හමාගෙන යන සුළං රැලි, මීදුම මාරම අත්දැකීමක්😍. පැය භාගයක් ඇතුලත අපි දෙවනගල විහාර භූමියට එන්න පුලුවන් වුනා. කොහොමහරි වටේම පොටෝ ටිකක් ගත්ත අපි ගල්පොත්තේ අනික් බෑවුම පැත්තට ගියා😀.

තන පරිසරයත් හිතාගන්නවත් බැරි තරම්. මීදුමෙන් පලාතම වැහිලා, ලාවට වගේ බතලේගල, අලගල්ල, අම්බුළුවාව පේනවා🤔. තව නම් දන්නේ නැති කඳු කිහිපයකුත් තිබ්බා🙄🤷‍♂️🤭 එකපාරටම මීදුම නැතිවෙනවා ආයේ හිතාගන්න බැරි විදිහට පලාතම මීදුමෙන් වැහෙනවා😍😎. කොහොම හරි  පත්තෑයයි, මායි පැයක් විතර එතන ඉඳලා ආපහු එන්න පිටත් වුනා. පහලට ආවාම තමයි දැනගත්තේ අපි හිටපු හරියේ මහපැරකුම් රජතුමා  විසින් කරන ලද ගිරිලිපි තියෙන බව😌😭. මොනවා කරන්නද පරක්කුවෙන නිසා ආයෙත් දවසක එන්න හිතාගෙන ඒ ලස්සන පරිසරයෙන් අපි සමුගෙන නිවෙස් බලා පිටත් වුනා✌️.


දෙවනගල පන්සලට යන මාර්ගය

දෙවනගල පන්සලට යන මාර්ගය

දෙවනගල පන්සල් භූමිය

දෙවනගල පන්සල් භූමිය

දෙවනගල පන්සල් භූමිය

දෙවනගල චෛත්‍යය

දෙවනගල පන්සල් භූමියේ තියෙන බුද්ධ ප්‍රතිමාවක්

මීදුම මැද්දෙන් පේන්නේ අලගල්ල කදුවැටිය

මීදුම මැද්දෙන් පේන්නේ බතලේගල

මීදුම මැද්දෙන් පේන්නේ බතලේගල

ශාක්‍ය aka පත්තෑයා 🤭😅😅

මීදුම මැද්දෙන් පේන්නේ බතලේගල

Comments

Popular posts from this blog

කැලෑබොක්ක

2021 නොවැම්බර් 06. රාත්‍රී 10.24 | නිවස, පැනිදෙණිය මුහුණු පොතේ මැසෙන්ජර් තුලින් චානක අයියා තැබූ පණිවිඩය අහම්බෙන් නෙත ගැටුනු මා එසැනින්ම දුරකතන ඇමතුමක් ගත්තෙමි. හලෝ චානක අයියේ, ඔයා මැසේජ් එකක් දාලා තියෙනවා දැකපු ගමන්ම කෝල් එක ගත්තේ. අයියේ අපි හෙට කොහෙද යන්නේ. මම එනවා කිසිම අවුලක් නෑ.. චානක අයියාට කතා කිරීමටවත් ඉඩක් නොතියාම මම එසේ කියවන්නට වුනෙමි. සාවධානව අසාගෙන සිටි චානක අයියාගෙන් ලැබුන පිළිතුර වූයේ මල්ලී අපි හෙට බඹරකිරි ඇල්ල බලන්න යන්න හිතාගෙන ඉන්නේ. ඔයා යන්න එනවද? අකලංකත් එන්නම් කිව්වා. ඔයා එනවා නේ!!! ලද අවසරයෙන්ම මම ගමනට සහභාගී වෙන බව තහවුරු කළ මා එතැන් සිට මෝටර් බයිසිකලය පිළිබදව විස්තර කතාබස් කරන්නට වීමි. දුරකතන සංවාදය අවසන් වූ සැනින්ම ඉහළ මහලට ගොස් අම්මාට මම හෙට ටුවර් (Bike Tour) එකක් යන බව පවසා ඒ සදහා අවසර ලබාගතිමි. කෙසේ හෝ රාත්‍රී 11.15 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ගමන් මග පිලිබද විස්තර ගූගල් මැපස් තුලින් සොයන්නට වීමි. ගමනට අවශ්‍ය ආම්පන්න ලැහැස්ති කොට ඇදට වැටුනේ නිදා ගැනීම උදෙසාය... අහෝ නිදි දෙව්දුව නම් අහලකවත් නැත !!! 2021 නොවැම්බර් 07. උදෑසන 6.00 | නිවස, පැනිදෙණිය ...

මීයන් ඇල්ල - ඉහළකෝට්ටේ

ඉක්මනට යමන් යකෝ කෝච්චිය ගිහින්ද දන්නෙත් නෑ මචන් තඩියා ඉහලකෝට්ටේ ස්ටේශමට ටිකට් දෙකයි, පේරාදෙණියට එකයි බන්...  මොකටද බන් පේරාදෙණියට ටිකට් ගන්නේ? ඇයි බන් මට සීසන් එක තියෙනවානේ   අපි කතාවෙනවා අහගෙන හිටපු දුම්රිය ස්ථානාධිපති තුමා මල්ලී ආයේ කෝච්චියක් තියෙන්නේ 10.30ට *** උ දෑසන 6.30ට දුම්රිය පිටත් වෙනවා කියලා හිතාගෙන හිටපු අපි ගිය පයින්ම ආපසු සලික්ගේ ගෙදරට හනි හනිකට ආවේ බයික් වලින් හරි ගමන යන්න ඕනේ කියලා හිතාගෙන. ගෙදරට ගොඩවුන අපි ඒ කියන්නේ මම සහ සලික් වැඩිපුර හෙල්මට් එකකුත් අරගෙන පහලට ආවේ සංජීව අයියට අනික් හෙල්මට එක විසිකරන ගමන්. කොහොමහරි 6.50ට විතර අපි බයික් වලින් පිටත් වුනේ ඉක්මනටම ඉහළකෝට්ටේ බලා යන අරමුණ පෙරදැරි කරගෙන. ඔය අතර වාරේ මහේෂ් එකදිගට දුරකථන ඇමතුම් ගණනාවක් ලබාදුන්නේ අපි ඒ කියන්නේ මම, සංජිව අයියා සහ සලික් ඉහළකොට්ටේ බලා එනවද කියලා තහවුරු කරගන්නා අටියෙන්. *** අ හ් මේ තියෙන්න මෙතනින් තමයි එහෙනම් උඩට යන්න තියෙන්නේ  සලික් උබ ඉස්සෙල්ලාම නැගපන් ඒ මචන් පොඩ්ඩක් හිටපන් අරුන් ටික පහලට එනවා. උන් ටික ආවට පස්සේ අපි යමු   පළවෙනියට සලික් ද, දෙවනුව සංජීව අයියා ද, තෙවනුව මහෙශ් ද අ...

කබරගල කන්ද තරණය

FB එකේ දැක්ක පෝස්ට් එකකට අනුව කවදාහරි යන්නම ඕනේ කියලා හිතුන තැනක් තමයි කබරගල😍. කොහොමහරි මම 2018 දෙසැම්බර් 13 වෙනිදා තියෙන දරේ අයියාගෙයි තුශාරා අක්කගෙයි වෙඩින් එකට යන විදිහ කතා කරගන්න දහම් අයියලාගේ බ් ‍ රාන්ච් එකට ගියා🤔. කොහොමහරි ඒ වැඩටිකත් කතා කරගෙන නිකමට වගේ දහම් අයියාගෙන් ඇහුවා  යමුද මේ සතියේ ට් ‍ රිප් එකක්. වැඩිය දුර නැති ලඟ තැනක් තියෙනවා කබරගල කියලා මොකද කියන්නේ?  සෙනසුරාදා නම් බෑ බන් ඉරිදා යමුද,  දහම් අයියාගෙන් ඒ වගේ පිළිතුරක් බලාපොරොත්තු වුනේම නෑ. මොකද අහන අහන හැමවේලේම එසයිමන්ට් තියෙනවා කියාගත්ත ගමන්මයිනේ😜😁🤭 . අහ් අයියා එහෙනම් ඉරිදා අනිවා යන් කියාගෙන මම ඔෆිස් එකට එනගමන් දෙනුවන් අයියාට කොල් එකක් ගත්තේ ෆ් ‍ රී නම් අනිවා නෑ බෑ නොකියා එන හින්දයි🤗✌ දැනට 2යි, තව දෙතුන් දෙනෙක් ගමනට සෙට් කරගන්න බැලුවත් හරිගියේ නෑ. නාවලපිටියට ගිහින් යනවද🤔, ගම්පොලට ගිහින් යනවද🤔 කියලා හිත හිතා දෙසැම්බර් 14 සිකුරාදා හවස ගෙදර යන්න 120 බස් එකට නැග්ගේ ඉක්මනට පිටකොටුවට ගිහින් නුවර බස් එකට ගොඩවෙන්න හිතාගෙන. මෙන්න Accounts එකේ අචිනි නංගි බස් එකේ ඉන්නවා! දැක්ක ගමන් මතක් වුනේ මේ...