Skip to main content

තෙල්දෙණිය යටවුන නගරය

ජූනි මාසේ 8 වෙනිදා තමයි මේ ගමන යන්න කට්ටියව සෙට් කරගන්න පුලුවන් වුනේ🤔😜. බ්‍රහස්පතින්දා ඒ කියන්නේ ජූනි මාසේ 6 වෙනිදා සුපුරුදු විදිහට හවස බෝඩිමට යන වෙලාවේ සලික්‍ට කෝල් එකක් ගත්තා😹. “මේ ඕයි කාලෙකින් කොහෙවත් යන්නත් බැරි වුනා නේ බන්😜😂. මේ සතියේ යමන්ද වික්ටෝරියා ජලාශයට යටවුන පරණ තෙල්දෙණිය නගරය බලන්න😁. දැන් වැස්සත් නෑ අනික ජලාශය හිදිලා තියෙන්නේ. උදේම යමු නේ බන්🤔😁😃. “හරි හරි යමන් මම එන්නම් බන්. අඩේ අනිවා යමන් හරිද🤭😂, මොකද ගිය පාර අපි එනකොට පාලම ළඟට යන්නත් බැරි වුනා නේ 🙉😂 මේ කෝකටත් කට්ටියගෙන් අහපන් කොහොම හරි සලික්ව සහ අශේන්ව  ගමනට කැමති කරවා ගන්න පුළුවන් වුනා😁✌


ගමනට කලින් දවසේ, ඒ කියන්නේ ජූනි 7 වැනිදා කසුන්, ඩිලාන්, ශාසා.... කට්ටියම ඉන්න වට්ස් ඇප් ගෲප් එකට මැසේජ් එකක් දැම්මේ ගමන යන්න තව කවුරු හරි එකතු කරගන්න පුලුවන් වෙයි කියලා හිතුන නිසා🤔😉. ගොඩ දෙනෙක් නැතිවුනත් කසුන් සහ ඩිලාන් නම් එකපාරටම ගමන යන්න කැමති වුනා😃✌


ප්ලෑන් කරපු වෙලාවටම නම් යන්න බැරිවුනා මොකද ගෙදරට ක්ලාස් යනවා කියලා ආව උන් දෙන්නෙක්ම හිටියා නේ...😂😂😂 කොහොම හරි උදේ 10.30 , 11.00 වගේ වෙනකොට තෙල්දෙණිය ජලයෙන් යටවුන නගරය බලන්න යන්න පුලුවන් වුනා😉. එතන පැයක් විතර ගිනි අව්වේ වේලි වේලි හිටපු අපි කට්ටිය වෙනදා වගේම ඒ කියන්නේ ( මම 5 වෙනි වතාවට🦔😂😂 ) බඹරගල විහාරය වැදලා බඹරගල එහෙමත් නැතිනම් පෙට්ටිගල නගින්න පටන් ගත්තා😁. අහ් අමතක වුනා, අපිත් එක්ක තව දෙන්නෙක් සෙට් වුනා තෙල්දෙණිය ගිලිනු ටවුමේ තියෙන ප්‍රධාන පාළම හරියේදී🙉😁😂. එකෙක් දිල්ශාන්, අනිකාගේ නම මතක නෑ. ඩිලාන්  සහ කසුන්ගේ යාලුවෙක්😜😉. වදයක් නොවුන සෙට් එකක් නිසා කිසිම කම්මැළිකමකින් තොරව අපි කට්ටියම බඹරගල නැග්ගා😁✌.


අරගෙන ගියපු කෑම ටිකත් කාලා පැයක් විතර ගිනි අව්ව නොතකමින් හිටපු අපි කට්ටිය හවස 2 ට විතර පහලට එන්න පටන් ගත්තා🤔. ප්ලෑන් කරපු විදිහට නම් අපි ගලබොඩවත්ත හරි දිගන විලේජ් එකේ පූල් එකට යන්න හිටියේ😅😂😂 හිතුවේ වත් නැති විදිහට හවස් වුන නිසා සහ පන්ති ඉවරවෙන වෙලාවටම ගෙදර යන්න ඕනේ ඩබලක් 😹🤭😂 ඉන්න නිසා නාන්න යන ගමන කැන්සල් කරන්න වුනා😜🙈🤭 ගිලිනු තෙල්දෙණිය නගරයේ සහ බඹරගල සුන්දරත්වය විදගත්ත අපි ගෙවල් වලට යන්න පිටත් වුනේ ආයෙත් දවසක එන බලාපොරොත්තුවකිනි.
 
 
                                                                   
 
ගමනට අදාළ වීඩියෝව


කට්ටියගේ වන්ඩි ටික
  
පැරණි තෙල්දෙණිය නගරයේ පාලම අසල - අශේන්
අබලන්වුන තෙල්දෙණිය පැරණි පාලම - කසුන්
 
වික්ටෝරියා ජලාශයට යටවුන ගසක නටඹුන් - ඩිලාන්


බඹරගල මුදුනේ, පහලින් පෙනෙන්නේ වික්ටෝරියා ජලාශයට යටවුන පැරණි තෙල්දෙණිය නගරයේ කොටසක් - ඩිලාන්

බඹරගල මුදුනේ, පහලින් පෙනෙන්නේ වික්ටෝරියා ජලාශයට යටවුන පැරණි තෙල්දෙණිය නගරයේ කොටසක් - කසුන්

වික්ටෝරියා ජලාශයට යටවුන පැරණි තෙල්දෙණිය නගරයේ පාලම අසල - සලික්, ඩිලාන්, අශේන් සහ මම

Comments

Popular posts from this blog

කබරගල කන්ද තරණය

FB එකේ දැක්ක පෝස්ට් එකකට අනුව කවදාහරි යන්නම ඕනේ කියලා හිතුන තැනක් තමයි කබරගල😍. කොහොමහරි මම 2018 දෙසැම්බර් 13 වෙනිදා තියෙන දරේ අයියාගෙයි තුශාරා අක්කගෙයි වෙඩින් එකට යන විදිහ කතා කරගන්න දහම් අයියලාගේ බ් ‍ රාන්ච් එකට ගියා🤔. කොහොමහරි ඒ වැඩටිකත් කතා කරගෙන නිකමට වගේ දහම් අයියාගෙන් ඇහුවා  යමුද මේ සතියේ ට් ‍ රිප් එකක්. වැඩිය දුර නැති ලඟ තැනක් තියෙනවා කබරගල කියලා මොකද කියන්නේ?  සෙනසුරාදා නම් බෑ බන් ඉරිදා යමුද,  දහම් අයියාගෙන් ඒ වගේ පිළිතුරක් බලාපොරොත්තු වුනේම නෑ. මොකද අහන අහන හැමවේලේම එසයිමන්ට් තියෙනවා කියාගත්ත ගමන්මයිනේ😜😁🤭 . අහ් අයියා එහෙනම් ඉරිදා අනිවා යන් කියාගෙන මම ඔෆිස් එකට එනගමන් දෙනුවන් අයියාට කොල් එකක් ගත්තේ ෆ් ‍ රී නම් අනිවා නෑ බෑ නොකියා එන හින්දයි🤗✌ දැනට 2යි, තව දෙතුන් දෙනෙක් ගමනට සෙට් කරගන්න බැලුවත් හරිගියේ නෑ. නාවලපිටියට ගිහින් යනවද🤔, ගම්පොලට ගිහින් යනවද🤔 කියලා හිත හිතා දෙසැම්බර් 14 සිකුරාදා හවස ගෙදර යන්න 120 බස් එකට නැග්ගේ ඉක්මනට පිටකොටුවට ගිහින් නුවර බස් එකට ගොඩවෙන්න හිතාගෙන. මෙන්න Accounts එකේ අචිනි නංගි බස් එකේ ඉන්නවා! දැක්ක ගමන් මතක් වුනේ මේ...

මීයන් ඇල්ල - ඉහළකෝට්ටේ

ඉක්මනට යමන් යකෝ කෝච්චිය ගිහින්ද දන්නෙත් නෑ මචන් තඩියා ඉහලකෝට්ටේ ස්ටේශමට ටිකට් දෙකයි, පේරාදෙණියට එකයි බන්...  මොකටද බන් පේරාදෙණියට ටිකට් ගන්නේ? ඇයි බන් මට සීසන් එක තියෙනවානේ   අපි කතාවෙනවා අහගෙන හිටපු දුම්රිය ස්ථානාධිපති තුමා මල්ලී ආයේ කෝච්චියක් තියෙන්නේ 10.30ට *** උ දෑසන 6.30ට දුම්රිය පිටත් වෙනවා කියලා හිතාගෙන හිටපු අපි ගිය පයින්ම ආපසු සලික්ගේ ගෙදරට හනි හනිකට ආවේ බයික් වලින් හරි ගමන යන්න ඕනේ කියලා හිතාගෙන. ගෙදරට ගොඩවුන අපි ඒ කියන්නේ මම සහ සලික් වැඩිපුර හෙල්මට් එකකුත් අරගෙන පහලට ආවේ සංජීව අයියට අනික් හෙල්මට එක විසිකරන ගමන්. කොහොමහරි 6.50ට විතර අපි බයික් වලින් පිටත් වුනේ ඉක්මනටම ඉහළකෝට්ටේ බලා යන අරමුණ පෙරදැරි කරගෙන. ඔය අතර වාරේ මහේෂ් එකදිගට දුරකථන ඇමතුම් ගණනාවක් ලබාදුන්නේ අපි ඒ කියන්නේ මම, සංජිව අයියා සහ සලික් ඉහළකොට්ටේ බලා එනවද කියලා තහවුරු කරගන්නා අටියෙන්. *** අ හ් මේ තියෙන්න මෙතනින් තමයි එහෙනම් උඩට යන්න තියෙන්නේ  සලික් උබ ඉස්සෙල්ලාම නැගපන් ඒ මචන් පොඩ්ඩක් හිටපන් අරුන් ටික පහලට එනවා. උන් ටික ආවට පස්සේ අපි යමු   පළවෙනියට සලික් ද, දෙවනුව සංජීව අයියා ද, තෙවනුව මහෙශ් ද අ...