අද කියන්න යන්නේ මාස ගනනාවක් ප්ලෑන් කරලා ගියපු පලවෙනි ගමනක් ගැන. පළවෙනියටම මේ ගැන කතා කරපු දිනය නම් හරියට මතක නෑ. කොහොමහරි 2018 නොවැම්බර් මාසේ මැදකදී තමයි මේ පාරවත් කොහොමහරි ශ්‍රී පාදේ යන්න ඕනේ කියලා හිතුනේ හැමදාම වගේ කැපිටල් වර්ක්ස් එකේ දහම් අයියත් එක්ක ලංකාවේ යන්න පුලුවන් තැන් ගැන කතා කරමින් ඉන්නකොට තමයි ශ්‍රී පාදේ යන්න ඕනේ කියලා හිතුනේ. කොහොමහරි පස් වතාවක් වගේ ශ්‍රී පාදේ වන්දනා කරන්න හිතන් හිටියට යන්න ලැබුනේ නෑ. මේ දහම් අයියා, අඩේ මේ පාර ඔයාලා ශ්‍රී පාදේ යනකොට මාවත් එක්කරගෙන යනවකෝ. හරි හරි බන් මේ පාර යමන්කෝ. කොහොමහරි කැපිටල් වර්ක්ස් එකෙන් අපේ බ්‍රාන්ච් එකට ආව මම වෙනදා වගේම කිසිම වෙනසක් නැතිව වැඩටික කරන්න පටන් ගත්තා. කොහොමහරි දින, සති ගෙවිලා ගිහින් ශ්‍රී පාදේ කරුණා කරන වාරෙත් පටන්ගත්තා. ඔන්න ආයෙම දවසක් ඒ කියන්නේ 2018 දෙසැම්බර් මාසේ 28 දහම් අයියා හොයාගෙන කැපිටල් වර්ක්ස් එකට ගියා. දහම් අයියා, මොකද කියන්නේ මේ පාරවත් මාව එක්කරගෙන සිරිපා කරුණා කරන්න යනවකෝ. මගේ කියවිල්ල අහගෙන ඉන්න බැරිම තැන දහම් අයියා උබ කැමති දවසක් කියපන්කෝ, අපි එදාට යමු. ඒක කියන පමාවටම කැලැන්ඩරය පෙරලන...