2021 නොවැම්බර් 06. රාත්‍රී 10.24 | නිවස, පැනිදෙණිය මුහුණු පොතේ මැසෙන්ජර් තුලින් චානක අයියා තැබූ පණිවිඩය අහම්බෙන් නෙත ගැටුනු මා එසැනින්ම දුරකතන ඇමතුමක් ගත්තෙමි. හලෝ චානක අයියේ, ඔයා මැසේජ් එකක් දාලා තියෙනවා දැකපු ගමන්ම කෝල් එක ගත්තේ. අයියේ අපි හෙට කොහෙද යන්නේ. මම එනවා කිසිම අවුලක් නෑ.. චානක අයියාට කතා කිරීමටවත් ඉඩක් නොතියාම මම එසේ කියවන්නට වුනෙමි. සාවධානව අසාගෙන සිටි චානක අයියාගෙන් ලැබුන පිළිතුර වූයේ මල්ලී අපි හෙට බඹරකිරි ඇල්ල බලන්න යන්න හිතාගෙන ඉන්නේ. ඔයා යන්න එනවද? අකලංකත් එන්නම් කිව්වා. ඔයා එනවා නේ!!! ලද අවසරයෙන්ම මම ගමනට සහභාගී වෙන බව තහවුරු කළ මා එතැන් සිට මෝටර් බයිසිකලය පිළිබදව විස්තර කතාබස් කරන්නට වීමි. දුරකතන සංවාදය අවසන් වූ සැනින්ම ඉහළ මහලට ගොස් අම්මාට මම හෙට ටුවර් (Bike Tour) එකක් යන බව පවසා ඒ සදහා අවසර ලබාගතිමි. කෙසේ හෝ රාත්‍රී 11.15 සිට මධ්‍යම රාත්‍රිය වන තෙක් ගමන් මග පිලිබද විස්තර ගූගල් මැපස් තුලින් සොයන්නට වීමි. ගමනට අවශ්‍ය ආම්පන්න ලැහැස්ති කොට ඇදට වැටුනේ නිදා ගැනීම උදෙසාය... අහෝ නිදි දෙව්දුව නම් අහලකවත් නැත !!! 2021 නොවැම්බර් 07. උදෑසන 6.00 | නිවස, පැනිදෙණිය ...